ළමා හා කාන්තා කටයුතු ඇමතිනීගේ ෆේස්බුක් තහනම් යෝජනාව ජනමාධ්‍ය වාරණයක්..

October 14, 2018 at 12:40 pm | lanka C news
ළමා හා කාන්තා කටයුතු ඇමතිනීගේ ෆේස්බුක් තහනම් යෝජනාව ජනමාධ්‍ය වාරණයක්..

ළමා හා කාන්තා කටයුතු ඇමතිනීගේ ෆේස්බුක් තහනම් යෝජනාව හෙලා දකින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසයි.

එම සංවිධානය විසින් මෙසේ සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ලමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර විසින් අරලියගහ මන්දිරයේදී පැවති ලෝක ලමා දින ජාතික උත්සවය අමතමින් සිදුකල ෆේස්බුක් විරෝධී ප්‍රකාශය ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස අප සංවිධානය තරයේ හෙලා දකිමු.

තවද එතුමිය විසින් සදහන් කල ආකාරයට චීනය වැනි රටවල් ෆේස්බුක් ඇතුළු බටහිර සමාජ මාධ්‍ය ජාල අඩවි අවහිර කොට ඇත්තේ එම රටවල ළමා පරපුරට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මගින් එල්ල වන හානිය වැළැක්වීමට පමණක්ය.

එහෙත් එතුමිය නොදන්නා කරුණක් නම් එසේ බටහිර සමාජ මාධ්‍ය අඩවි චීනය වැනි රටවල අවහිර කර ඇත්තේ එම රටවල ආර්ථිකමය වටිනාකමකින් යුක්ත තොරතුරු තම රටින් හැකිතාක් දුරට පිටතට යාම වැළැක්වීමට එමගින් විදේශ රටවල් කරා ඇදී යන ධනය එරට තුල රදවා ගැනීමට සහ එම රටවල ඔවුන්ට ආවේනික වූ සමාජ මාධ්‍ය අඩවි නිර්මාණය කර තිබීම නිසා බටහිර සමාජ මාධ්‍ය අඩවි භාවිතය අත්‍යවශ්‍ය නොවීම නිසා හා එවැනි එරට ස්ථාපිත සමාජ මාධ්‍ය ජාල අඩවි සහ යෙදුම් වලට එම රජයන්හි පුර්ණ සහයෝගය ලැබීම නිසා බවද අප ශ්‍රී ලංකාවේ වැදගත් තාක්ෂණික සංවිධානයක් වශයෙන් එතුමියට මතක් කරදීමට කැමැත්තෙමු..

තවද මෙසේ විවිධ උත්සව අවස්ථාවන් හිදි කිසිදු සොයාබැලීමකින් තොරව පදනම් විරහිත කරුණු භාවිතා කරමින් එහි පැමිණ සිටින ජනතාව නොමග යන සුළු ප්‍රකාශ සිදු නොකරන ලෙසටත් අප කාරුණිකව එතුමියට දැනුම් දෙමු.

රජය විසින් ෆේස්බුක් තහනමකට සුදානම් වනවා නම් ඊට විසදුම් ලෙස භාවිතා කිරීමට හැකි ශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සමාජ මාධ්‍ය ජාල අඩවි ශ්‍රී ලංකා රජය සතුදැයි හෝ එවැනි සමාජ වෙබ් අඩවි නිර්මාණය කිරීමට හැකි පුද්ගලයන් හා එවැනි ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් ආයෝජකයන් ප්‍රමාණයක් සිටීදැයි ප්‍රථමයෙන් රජය විසින් මහජනයාට දැනුම් දියයුතු කරුණක් බව අප විශ්වාස කරමු.

තවද රජය විසින් ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ජාල අඩවි සියල්ලක්ම පාහේ විවිධ මැති ඇමතිවරුන් යොදවා අවහිර කරනවා යැයි විවිධ අවස්ථාවල විටින් විට පවසා ජනතාව බියගැන්වීමකට ලක් කිරීම ජනමාධ්‍ය වාරණයක් ලෙස අප සමුහය දකිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

7,075 Viewers

3 Comments to “ළමා හා කාන්තා කටයුතු ඇමතිනීගේ ෆේස්බුක් තහනම් යෝජනාව ජනමාධ්‍ය වාරණයක්..”

  1. sunimal says:

    නමින් කපුරුහාමි, කට ගද ගමටම නෙමි රටටම හමයි!

    ළමා රක්ෂණ අධිකාරියේ තනතුරු අටක් සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව බඳවාගැනීම් සිදුකිරීමට යාමේදී විෂය භාර ඇමතිනී චන්ද්‍රානි විසින් එම බඳවාගැනීම්වලට බලපෑම් එල්ල කරමින් ඇය විසින් සකස් කරණ ලද නාම ලේඛණයක් ඉදිරිපත් කර ඇත.

    ළමා රක්ෂණ අධිකාරියේ කලමණාකරු (නීති), මාණ්ඩලික ලේකම්, වැඩසටහන් සහකාර, නීති සහකාර, කොට්ඨාශ ළමා ආරක්ෂක නිළධාරී, වීඩියෝ තාක්ෂණික සහකාර, කම්කරු සහ මනෝ චිතික්සක යන තනතුරු සඳහා මෙසේ සම්මුඛ පරීරක්ෂණ කැඳවා ඇති අතර ඇමතිවරිය විසින් එම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි 66 දෙනෙකුගේ නාම ලේඛණයක් අදාළ බඳවා ගැනීමේ අංශ වෙත යොමු කර ඇත.

    එම නාමලේඛණය යොමු කරමින් ඇය දන්වා ඇත්තේ තමන් විසින් එවනලද නාමලේඛණයේ 66 දෙනාට ප්‍රමුඛතාවය ලබාදී තවදුරටත් පුරප්පාඩු ඇත්නම් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඉතිරි පුද්ගලයන්ගෙන් අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන ලෙසය.

    ඇමතිවරිය ඉදිරිපත් කළ 66 දෙනාගේ නාම ලේඛනයේ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා ඇති 13 දෙනෙකුගේ නම් තිබෙන අතර අනෙකුත් නම් 53නම සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා නොමැත.

  2. රේණුකා ලොකුහෙට්ටි says:

    පාර්ලිමේන්තුවේ ඉන්න ලස්සනම මන්ත්‍රී මෙයා කියනවා නේ.

  3. බිස්වා says:

    රට සවාරි යන්න කප්පිත්තා මේ ඇමතිනිය

Main News