ළිඳකින් නරක් වූ මළසිරුරක් හමු වෙයි…

August 17, 2021 at 2:05 am | lanka C news
ළිඳකින් නරක් වූ මළසිරුරක් හමු වෙයි…

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉරත්තින පුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී නරක් වූ මළ සිරුරක් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඉරත්තිනපුරම් ප්‍රදේශවාසීයෙකු විසින් අදාල අතහැර දමා තිබූ ළිඳතුල තිබූ මළසිරුර දැක ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දෙනු ලැබීය.

පසුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් මළසිරුර ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී බොහෝ සෙයින් නරක්ව තිබී ඇති අතර මීට දින කිහිපයක පෙර ළිඳට දමා ඇති බවට පොලීස සැක පලකර සිටියි.

මළ සිරුර ඔතා ළිඳට දමා තිබීම හේතුවෙන් ඝාතනයක් බවට සැක පල කරන අතරම මිය ගිය පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතරම පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළසිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,218 views
Main News