ළිඳකින් බෝම්බ-පතුරම් තොගයක් හමු වෙයි..

June 7, 2019 at 6:48 pm | lanka C news
ළිඳකින් බෝම්බ-පතුරම් තොගයක් හමු වෙයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී බෝම්බ සහ පතුරම්  තොගයක් තිබී  (06) දින ගොඩ ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

දේවිපුරම් ප්‍රදේශයේ වැසියෙකු අතහැර දැමූ ළිඳක් පිරිසිදු කිරීමට ළඳ තුලට බැස ඇති අවස්ථාවේදී බෝම්බ ඇතුලු යුද උපකරණ දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා බෝම්බ නිශ්ක්‍රීය අංශයන් විසින් අදාල බෝම්බ තොගය ඉවතට ගෙන ඇත.

එහිදී ළිඳ තුල තිබී අත්බෝම්බ දෙකක් , ආර්.පී.ජී. උණ්ඩයක්, බරඅවි සඳහා යොදාගන්නා පතුරම් ඇතුලු යකඩ කැබිලි රැසක්ද ඉතා අබලන් තත්වයේ තිබී යතුරුපැදියක්ද හමු වී ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යතුරුපැදිය සමග මෙම බෝම්බ තොගය ළිඳට දමා පලා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර හමු වූ බෝම්බ අධිකරණ නියෝගයකින් විනාශ කිර දැමීමට පියවර ගෙන ඇති බවට පරික්සණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,075 Viewers

2 Comments to “ළිඳකින් බෝම්බ-පතුරම් තොගයක් හමු වෙයි..”

  1. Mahasona says:

    අපේ ආමි කොල්ලෝ දැක්කම මුන් ගු බයයි අපේ සිංහයෝ හොද පාඩමක් මුන්ට ඉගැන්නුවා

  2. Gone gota says:

    Put the bulets in to a gun and shoot the 225 + 1 + RP Family.

    Who can do that could save the country….

Main News