ළිඳ ලඟ සෙල්ලම් කල ළමුන් දෙදෙනා ළිඳට වැටී මිය යයි…

March 16, 2018 at 5:30 pm | lanka C news
ළිඳ ලඟ සෙල්ලම් කල ළමුන් දෙදෙනා ළිඳට වැටී මිය යයි…

මන්නාරම කාක්කයියන්කුලම් ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී ඊයේ (15)රාත්‍රියේ ළිඳකට වැටී කුඩා ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

ඉරගොඉරුප්පු කුලම් ප්‍රදේශයේ පදිංචි අදාල දරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර දරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ 7.30 ට පමණ ළිඳ ලග සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඔවුන්ගේ දෙමාපියන් එම ස්ථානයේ නොසිට ඇති අතර දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ ගෙවත්තේ ළිඳට එකවරම වැටී ඇති බවට මූලික පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.

ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ 7හැවිරිදි මොහොමඩ් සපූර් හා 5 හැවිරිදි මොහොමඩ් සමිරූෆ් යන දරුවන් වන අතර දරුවන් දෙදෙනාගේම මළ සිරුරු මේ වන විට මන්නාරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර මන්නාරම් හා මඩු පොලීසිය මගින් වැඩි දුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

88 views

One Comment to “ළිඳ ලඟ සෙල්ලම් කල ළමුන් දෙදෙනා ළිඳට වැටී මිය යයි…”

  1. Thraka says:

    දෙමාපියන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වනවානම් හොදයි.. අවුරුදු 2,3 වගේම 6,7 අය ගැනත්

Main News