ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

September 11, 2021 at 3:28 am | lanka C news
ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේය රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු පැවසීය.

එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු සදහන් කලේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

42,131 views

31 Comments to “ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. Ranga says:

    මට තේරුම් ගන්න බෑ ඇයි මේ තරම් මිනිස්සු හම්බන්තොටත් එක්ක තරහ කියලා. .Pfizer එක මන්නාරමට ගැහුවා සද්දයක් නෑ. දැන් මාතරට ගහනවා සද්දයක් නෑ. වෙන කොහාට ගැහුවත් කමක් නෑ. හම්බන්තොටට ගැහුවොත් තමයි මැරෙන්න ‍යන්නෙ. හම්බන්තොට කියන්නේ ඉන්දියාවේ හෝ වෙන රටක කෑල්ලක් නෙවෙයි. එහේ ඉන්නෙත් අපේම රටේ මිනිස්සු. බේරෙන්නෙ අපේ රටේ මිනිස්සු . මොකක්ද ඇති. ප්‍රශ්නය ?. අනික එහේ ඉන්නෙ ඔක්කොම ‍රාජපක්ශලාද? අනික හැම තැනම කියනවා ඔබට ලැබෙන පලමු එන්නත තමයි හොඳම එන්නත කියලා. ඉතින් මේකෙන් වෙන්නේ Pfizer එකට අනවශ්‍ය වටිනාකමක් ලැබෙන එකත් නොවෙයි ද? මේ විරුද්ධව කතා කරන හැමෝගෙම හිත්වල තියෙන්නෙ කුහකකම හා ඊර්ෂ්‍යාව විතරයි.

    • marlon says:

      Ranga,
      You are 100% correct. Some are trying to create an issue when there is no issue. If this was given to Colombo people from other areas will shout why only to Colombo. This issue came out because there was no proper explanation from the Ministry.

    • Silva says:

      බොල රාජපක්ෂ වහලෝ සමහර 60 පැනපු අයට එකක්වත් නොගහ තියෙද්දි හම්බන්තොට 30න් පහල ෆයිසර් දෙන එක තීරනය කලේ නාමල් රාජපක්ෂ. කමිටුවට උඩින් තීරන ගන්න නාමල්ට බලය දුන්නෙ කවුද? දොස්තරල කීප දෙනෙක් ඉල්ලා අස්වුනේ ඒකයි.

    • Sirinanda ka says:

      kuhakama misa wena kumakda?

  2. Maraya says:

    I am as the Maraya is happy to see that .the beginning of a new era where the spines of the government officers are being removed by politicians who ruin the country to achieve their narrow purposes and political mileages. i am prepared to welcome everybody who comes to my world due to the shorted sighted decisions of the so called leaders

  3. sampath says:

    well said sir.

  4. Simon says:

    Sinopharm coloboata dunne kannatha laganisa

  5. Jaya says:

    Gawayek unata umba kiyanna epa..fizer hambantota gahana eka prashnayak wenna proraty eka 60ta wada ayata 20 ta adu isskole yana ayata denna fizer one nisa..eka mannarama ho madakalapuwe gahuwath waradi..anika anek palath walata wada hambantota covid adui.etakata marena wadihiti iskole yanna bariwa inna lamainta nodi ai hmbntotata denne..maranthika rigayak namllata one vidihata deshapalana tirana ganna eenna ba wahalo

  6. Na says:

    Ranga .minissu hambanthota ekka tharaha Rajapaksha Apathayo hadapu nisa

  7. සිසිල් සුදේශ් says:

    මේ යකා දොස්තරද, පියුන්ද? සෞඛ්‍ය අධ්‍යක්ෂක ඉන්නෙ අට පාස් අය කියන විදිහට යස් සර් ගාලා කරන්නද? කලින් පිළියන්දල ලොක්ඩවුන් එක ලොකූගෙ අයින් කලාම නිවට විදිහට බාරගත්තා. කොන්දක් නැත්නම් අස්වෙලා බේත් සාප්පුවක් දාගන්නවා, දොස්තරකමට නිගා නොකර.

  8. රොහාන් says:

    කවුද “රජය” නමක් ඇතිනේ

Main News