ෆයිසර් හමුදාවට දුන්නාට විරුද්දයි.. දොස්තරලාට ඉල්ලයි..

August 31, 2021 at 3:29 am | lanka C news
ෆයිසර් හමුදාවට දුන්නාට විරුද්දයි.. දොස්තරලාට ඉල්ලයි..

කොරෝනා මර්දන ෆයිසර් එන්නත්කරනය සම්බන්ධ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත් හෙතෙම කීවේය.

ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් එම් ආනෝල්ඩ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බවද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

එහෙයින් යුද හමුදාව වෙත එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය නැවතත් පල කරන බවත් සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙම අවිධිමත් වැඩපිලිවෙල හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (30දා) ලිඛිත දැනුම් දීමක් කළ බවද කීවේය.

– divaina

54,404 views

57 Comments to “ෆයිසර් හමුදාවට දුන්නාට විරුද්දයි.. දොස්තරලාට ඉල්ලයි..”

  1. MJ says:

    Uge appage kathane meewa. Mechcharakal korona leddunwa balapu saukya anshawala paulwalata ennath denne nethuwa forces wala pawul walata gahagannakota kauruth meek nee. Saukya ansha siyallanma korona weda walin ain welaa forces walatama dunna nam balaganna tibuna dawasakata 1000 th Pannala minissu merena heti. Media walinuth kohomath mada gahanawa saukya ansha walata. Mokada salli salli salli

  2. gobbaya says:

    anee, denna, denna, Pfizer ennath tika okkoma dostharalata denne. Unge pawul wala innaa kollantayi ballantayi, unge naadee hathikareetayi widaganna. Un tika beerunoth hondatama ethi.
    Lankawe inna “cream” ekane!

  3. sunimal says:

    225 ට වඩා හමුදාව රට පාලනය කරනවානම් මිට වඩා රට දියුනුවේවි. දැන් ඉන්නේ හොරු රැලක්.

  4. කුඹුක්කණ් says:

    දොස්තරලා තමා මෙච්චර කල් කොරෝනා පාලනය කලේ, ඇත්තටම පාලනය කලේ නෑ පවත්වාගෙන ගියා ප්‍රතිකාර නොදී ප්‍රතිකාර දෙන්න දන්නෙ නැතුව.

    හැබැයි මේ වෙච්ච වැඩේ දොස්තරලට තම නොහැකියාව වහගන්න දුන්න උල්පන්දමක්.

    දැන් කොරෝනා ප්‍රශ්න එනකොට කියන්න පුලුවන්, හමුදාව මේකට ඇඟිලි ගැහුව නිසා කරගන්න බැරි වුනා කියලා.

    ඇත්ත කතාව , මුංට කොහොමත් කරගන්න බෑ.

  5. Amda says:

    හමුදාවෙන් කරන තැන්වල පිලිවෙලට විනයක් ඇතුව කරනව..මිනිස්සු අපහසුතාවයට පත්වෙන්නෙත් නෑ…….ඒක නිසා හමුදාව විසින්ම එන්නත්කරණය කල යුතුය.

    “රට වහන්න, අපිට මහන්සියි” කියල කියන සෞඛ්‍ය සේවයට කරන්න ඕනාවටත් වැඩියෙ වැඩ තියෙන වෙලාවෙ මේකත් ඉල්ලන්නෙ එතන මොකක් හරි හොරයක් තියෙන නිසානෙ…
    ඔවුන්ගේ ටික දෙනෙක් කරන කැත වැඩ නිසා මුලු සෞඛ්‍ය සේවයම මේ වෙලාවෙ කරන උතුම් සේවයත් හෑල්ලු කරනව.

    මේ වෙලාවෙ තියෙන ප්‍රධාන කාර්යය කරන්න. ඔබට අයිති හොඳ නම ඔබ ගන්න.

    එන්නත්කරණය හමුදාවට කරන්න දෙන්න.

  6. Ranjith says:

    Target was achieved because of Army. These people only talking but no work.

  7. ජුවානිස් says:

    මුන්ට හැම දේම ඕනේ වගේ.
    ලෙඩ්ඩුන්ගෙන් හොරා කනවා මදිවටද ?
    ලැජ්ජාවක් නැති හොරු කල්ලියක් .

  8. දොස්තරයන්ට හොර මාටියා ගහගන්න බැරි නිසා උඩ පනිනවා හමුදාව සාදාරනව සියලුම අයට නිසි ලෙස එන්නත ලබාදෙනවා????????

Main News