ෆර්ඩිනැන්ඩුගේ චෝදනාව ජනපතිට දෝෂාභියෝගයකට ප‍්‍රමාණවත්…

June 14, 2022 at 12:40 pm | lanka C news
ෆර්ඩිනැන්ඩුගේ චෝදනාව ජනපතිට දෝෂාභියෝගයකට ප‍්‍රමාණවත්…

හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස්  විසින් කෝප් කමිටුව ඉදිරියේ කරන ලද අනාවරණය මේ මොහොත වන විට ශ්‍රීලංකාව තුල පමණක් නොව ඉන්දියාව තුලද ඉමහත් ආන්දෝලනයකට  ලක්ව තිබෙනවා.ජනාධිපතිවරයා සහ හිටපු සභාපති තවදුරටත් හොරා පොලිස් සෙල්ලම් කිරීම නතරකොට රටේ ජනතාවට ඇත්ත පැවසිය යුතු බව එකසත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.ඒ සම්බන්දයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ පවසා තිබේ.

හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස් පසුගියදා කරන ලද මුල් ප්‍රකාශය වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා කැදවා මන්නාරම් සුළං බලාගාරයට අදාළ ටෙන්ඩරය ඉන්දියානි ප්‍රකට ව්‍යාපාරික අදානි සමාගම වෙත ලබාදෙන ලෙසට බලපෑමක් කල බවයි.එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ  ඒ සදහා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී බලපෑම් කරන බවට ජනාධිපතිවරයා එහිදී තමාට පැවසු බවයි.මේ ප්‍රකාශය හිටපු සභාපති සිදුකලේ ඉතාම වගකීමෙන් පිළිතුරු දිය යුතු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදීය.මෙය අසත්‍යක් බවත් තමන්ට ආතතියක් හෝ බඩගින්නක් ඇතිවීමෙන් මෙය ප්‍රකාශ කල බවත් එම ප්‍රකාශය තමන් ඉල්ලා අස්කරගන්නා බවත් පසුව ෆර්ඩිනැන්ඩස් පැවසිය.මෙය ඉතා නින්දාසහගත හැසිරීමක් බව අපි ඉතා පැහැදිලිව අවධාරණය කරන්නෙමු.

ලංකාවේ අල්ලස් කොමිසමට පිං සිදුවන්නට තවමත් කිසිම කරදරයක් නැතිව පුටුවල සිටින මෙවැනි නිලධාරින් කරන ප්‍රකාශ අපට පහසුවෙන් බැහැර කිරීමට හැකියාවක් නැත.රටේ ජනාධිපතිවරයාට ඔහු එල්ලකර ඇත්තේ සුළුපටු චෝදනාවක් නොවේ.උග්‍ර දේශප්‍රේමියෙකු ලෙස බලයට පැමිණි ජනාධිපතිවරයා ඉන්දියානු අගමැතිවරයාගේ බලපෑමට යටත්ව රටේ සම්පත් මෙසේ කුණුකොල්ලයට විදේශීය සමාගමට ලබාදෙන්නේ නම් එය ඔහුට අදාලව දෝෂාභියෝගයක් එල්ල කිරීමට තරම් ප්‍රබල චෝදනාවක් වන්නේය.මෙය බලපෑමක්ද හවුල් ව්‍යාපාරයාක්දයි අපි හරියට නොදනිමු.හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔහු තනතුරින් ඉවත් කිරීමෙන් ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද චෝදනාවෙන් බැහැරවිය හැකිද?

ජනාධිපතිවරයා මේ සම්බන්දයෙන් විදිමත් පරීක්ෂණයක් ආරම්භ කල යුතුව ඇත.මෙකි සුළං බලාගාර ටෙන්ඩරය සම්බන්දයෙන් හිටපු සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය රටට හෙළිකිරීමේ අත්හල නොහැකි වගකීමක් ෆර්ඩිනැන්ඩස් වෙත පැවරේ.නැත්නම් සිදුවන්නේ අනෙක් සියළු හොර දුෂිත ගනුදෙනු සම්බන්ද කාරනා මෙන් මේ දුෂිත ගනුදෙනුවද කාලයේ වැලිතලාවෙන් වැසියාමයි. උදාහරණ ලෙස “නොබෙල් රිසෝස් නඩුව,තොරියන් ගල් අගුරු ගනුදෙනුව” පෙන්වා දිය හැකිය.

එබැවින් තවදුරටත් ජනාධිපතිවරයා සහ හිටපු සභාපතිවරයා හොරා පොලිස් සෙල්ලම නොකොට රටේ ජාතික සම්පත් කුණුකොල්ලයට විදේශිකයන්ට ලබාදීමේ ඇත්ත නැත්ත වහාම රටට හෙලිකල යුතු බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
මහ ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

41,599 views

11 Comments to “ෆර්ඩිනැන්ඩුගේ චෝදනාව ජනපතිට දෝෂාභියෝගයකට ප‍්‍රමාණවත්…”

  1. නීති සංගමේ අත්පොලසන් says:

    COPE එකෙත් සිංහල තහනම් කළානම් රජයේ දූෂණ එළිවෙන්නෙ නැති නිසා වැඩේ ගොඩද?

  2. samith himi says:

    Maina sahapaula wemasewa

  3. dev says:

    Palace my3.eka ekage boru walata doshabiyogada. Dan ngo uta salli dela voice cut ganeewi.

  4. Truth Exposed says:

    “අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ”..- GL
    “ඒකනේ බලන්නකෝ, අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑනේ.ඒ හින්දා කරන්න දෙයක් නෑ”.. – 225, අරගලකරුවෝ, අනුර කුමාර, පෙරටුගාමීන්, සජිත්, පාඨලී,නාගානන්ද, කාදිනල්

    • Truth Revealed says:

      ඉතින් පේනවානෙ මුන් ඔක්කොටම ඇමෙරිකාව අකමැති දේ නොකර ඉන්නත් ඇමෙරිකාවට අවශ්‍ය දේ කරන්නටත් සිදු වී ඇති බව.

  5. Boo says:

    ඕකම ඔබේ ලොක්කා වන මහ බැංකු හොරා සඳහාද කල යුතුයි.
    කවුද බොරැ කියන්නේ කියා සොයාගැනීම අධිකරනයකින් මිස එක එක ලොන්ත පොල්ලා විසින්ද නොකල යුතුය. එම ලොන්ත පොල්ලා සහ හොරැ එක සමාන වංචනිකයෝ වෙති.

    • වෙද පප්පා says:

      මහ බැංකු හොරා තමා යටින් ගම අවුලන්නේ.
      සහයට ඩැනී වගේ අනුර කුමාර ඇතුලු සෙට් එකක් ඉන්නවා නයි බිත්තර සුප් එක හදන්න.

  6. PB says:

    Why did Jaishankar’s speech suddenly become popular in China?
    While speaking on June 3 at the Globsec 2022 Forum in Bratislava, Slovakia, India’s External Affairs Minister Dr S. Jaishankar came down heavily on Europe—not only did he refute the criticism against India’s purchase of Russian oil, but also insisted that India could well manage its foreign policy on its own,
    The interviewer first grilled Jaishankar on India’s increased oil imports from Russia. The latter fought back saying that if Europe could buy Russian oil so could India, alluding to West’s hypocrisy.

    • FM says:

      ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිගේ තත්වයයි ලංකාවේ ජනාධිපති හා අගමැතිගේ තත්වයයි අහසට පොලොව වගේ.
      අද මේ අය කරන දේට වඩා ලංකාවේ මිනිස්සුන්ට වැදගත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ Jaishankar කරන කියන දේ.ඉන්දියාවට ලංකාවට credit line තෙල් දෙන්න පුලුවන් කම ඇත්තේ රුසියාවෙන් තෙල් ගන්න අභීතව තීරණය කල නිසයි.

  7. pronto says:

    Anthimata siduwune Ferdinandoz ge job eka nethieeema pamanai . Oka ithin othaninma Habak!!!

Main News