ෆීලඩ්මාෂල්-හමුදාපති රණ්ඩුව උපරිමේට යයි.. ෆොන්සේකාගේ ෆීලඩ් මාෂල් පට්ටම ගලවා ඇමති ධුරයෙනුත් පන්නන්න සාකච්චා..

September 14, 2018 at 9:20 am | lanka C news
ෆීලඩ්මාෂල්-හමුදාපති රණ්ඩුව උපරිමේට යයි.. ෆොන්සේකාගේ ෆීලඩ් මාෂල් පට්ටම ගලවා ඇමති ධුරයෙනුත් පන්නන්න සාකච්චා..

වනජීවී සම්පත් සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් වත්මන් හමුදාපති මහේෂ් සේනානායක මහතාට ඉතාම නින්දිත හා පහත් ලෙස අපහාස කරන බවත් එය කිසිසේත් හිටපු හමුදාපතිවරයෙකු නොකල යුතු එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මේ හේතුවෙන් වහාම ඔහු ඇමති ධුරයෙන්ද ෆීලඩ් මාෂල් ධුරයෙන්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ විශාල කුමන්ත්‍රණයක ආරම්භයක් විය හැකි බවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා මැදිහත් විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කරන බවද ඔහු සදහන් කලේය.

ආරක්ෂාව භාරව සිටින හමුදා නිලධාරීන් බිත්තියට හේත්තු කිරීමට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

69 views
Main News