ෆීල්ඩ් මාෂල් ධුරයට අවශ්‍ය ගෞරවය ඕනෑ.. නැතොත් නිදහස් උත්සවයට එන්නේ නෑ.. ෆීල්ඞ් මාෂල්ට හැමෝම ගරු කල යුතුයි..- ෆොන්සේකා..
February 1, 2019 at 11:20 am | lanka C news
තමන්ගේ ෆීල්ඩ් මාෂල් ධුරයට නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් 04 වැනිදා පැවැත්වෙන නිදහස් දින රාජ්‍ය උත්සවයට තමන් සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆීල්ඩ් මාෂල්වරයෙකුට අවශ්‍ය ගෞරවය දැක්වීමට සියළු දෙනා බැදී සිටින බවද ඔහු කියා සිටී.
වාර්තා වන අකාරයට සරත් ෆොන්සේකා මහතාට නිදහස් දින උලෙලට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර මේ දක්වා යවා නැත.
මේ අතර නිදහස් දින උත්සවයේ පෙරහුරුව ඊයේ ගාළු මුවදොරදී පැවති අවස්ථාවේදී පිලිගැනීමේ ධුරාවලියට සරත් ෆොන්සේකා මහතාගේ නම ඇතුලත්ව නොතිබින.
ෆීල්ඩ් මාෂල් ධුරයට නිසි ගෞරවයක් වීමට කල යුත්තේ සරත් පොන්සේකා වසලයා ඉවත් කොට ඊට සුදුසු වෙන කෙනෙකු පත්කිරීමයි.
පොන්සේකා ඔහේ Field marshal වුනාට තුට්ටු දෙකේ ඉතාමත් පහත් පෙළේ දේශපාලකයෙක්. ඔහේට රටේ තියෙන තත්ත්වය පහුගිය ඡන්දෙදි වැටුන ඡන්ද ගානෙන්ම තේරෙන්න ඕන. අනික ඔහේ කවුද කියලා පව් ඒ දවස්වල තෙවරප්පෙරුම එක්ක වෙච්ච කතාවලින් අපට පැහැදිලියි. අපේ වටිනා කාලය නාස්ති කරන්න නැතුව පැත්තකට වෙලා හිටපන්