ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි..

November 3, 2016 at 9:20 am | lanka C news
ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි..

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා දැඩිය අවධාරණය කර සිටී.

කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

73 views
Main News