ෆුටාටත් අපමන අගයක්.. අලූත් ක්‍රමයෙන් තිබුණු පඩියත් අඩුවේ.. රට පුරා වැඩ වර්ජන ඇරඹේ..
March 7, 2017 at 8:40 am | lanka C news
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හෙට හා අනිද්දි දෙදින තුල රට පුරා විශ්ව විද්‍යාලවල සේවා කටයුතුවලින් ඉවත් වී වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
ඔවුන් චෝදනා කරන්නේ රජය විසින් සකස් කර ඇති නව වැටුප් ක්‍රමවේදය මගින් කලින් පැවති වැටුපටද වඩා නව වැටුප අඩු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජිතයෝ කියා සිටියහ.