ෆෙඩරල් දෙන්න සූදානම්.. – මංගල ඇමරිකාවේදී කියයි..

October 9, 2016 at 8:02 am | lanka C news
ෆෙඩරල් දෙන්න සූදානම්.. – මංගල ඇමරිකාවේදී කියයි..

ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදයට ඉඩක්‌ නැති නමුත් පෙඩරල් ක්‍රමයක්‌ සඳහා දොර විවෘත වී ඇති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස්‌ නුවර දී ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා ප්‍රකාශ කර ඇත.

200 ක පමණ ශ්‍රී ලාංකිකයන් සහ සමරවීර මහතා අතර පැවති හමුවේදී මේ බව හෙළි කර තිබේ.

එහෙත් ලොස්‌ඇන්ජලීස්‌හි බෞද්ධ විහාරවල කිසිදු හිමිනමක්‌ එම අවස්‌ථාවට පැමිණ සිටියේ නැත.

මෙහිදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ වූ රෝමා ද සොයිසා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ඉල්ලන හැමදේම දීමට රජය සූදානම්දැයි විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්‌වූ ඇමැතිවරයා බෙදුම්වාදයට ඉඩක්‌ නැතැයි කියා සිටියේය.

පෙඩරල් ක්‍රමයක්‌ සඳහා දොර විවෘතව ඇති බව විදේශ ඇමැතිවරයා හෙළි කළේ මුල්වරටය.

– Divaina

0 views

3 Comments to “ෆෙඩරල් දෙන්න සූදානම්.. – මංගල ඇමරිකාවේදී කියයි..”

  1. Champa says:

    What the heck? Ranil said federal is irrelevant, in reply to Wigneshwaran. How many Prime Ministers do we have? An internal one and an external one?

  2. REALITY says:

    we will not give federal you understand ………and we will give you to go home and keep in rest……

  3. mangala sakkiliya GO to hell now & give federal there……..prabakaran calling you …..& yamapalanaya….

Main News