ෆෙඩරල් ව්‍යවස්ථාවට අත ඔසවන ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරයකුට මිලියන 400ක්.. මන්ත‍්‍රීන් 21ක් සූදානම්…

January 6, 2019 at 9:20 am | lanka C news
ෆෙඩරල් ව්‍යවස්ථාවට අත ඔසවන ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරයකුට මිලියන 400ක්.. මන්ත‍්‍රීන් 21ක් සූදානම්…

පෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීමේ අරමුණින් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලැබෙන බවට වැඩිදුරටත් වාර්තා වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනාවරණය කරයි.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පෙරේදා (04 දා) දහවල් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතා හෙතෙම මේ බව පළ කළේය.

ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සුමන්තිරන් විසින් 2/3 ක ඡන්දයෙන් පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නා බවට තහවුරු කර ඇත්තේ මෙම මන්ත‍්‍රී කණ්ඩායම බිලි බා ගැනීම සනාථ වීම නිසා යැයිද වීරසේකර මහතා කීවේය.

මේ මුදල් කොටි ඩයස්පෝරාවේ මුදල්. එය ඩයස්පෝරාව සතු මුදල් සම්බාරයෙන් සොච්චමක් යයි පැවසූ රියර් අද්මිරාල්වරයා එය ඩොලර් මිලියන 2 කට සමාන බවද කීවේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් යුරෝපා සංගමයේ නියෝජිත වෙත පැවසුවේ නව ව්‍යවස්ථාව සූදානම් කර ඇති බවයි.

– divaina

84 views

23 Comments to “ෆෙඩරල් ව්‍යවස්ථාවට අත ඔසවන ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරයකුට මිලියන 400ක්.. මන්ත‍්‍රීන් 21ක් සූදානම්…”

  1. ක්‍රිමිනල් says:

    වෙලාවකට බයියෝ ගැන පුදූමාකාර දුකක් ඇතිවෙන්නේ , 🤣🤣🤣

    • Alapaluwa says:

      ඇයිද දන්නේ නැ නේද? තමුන් මේ රටේ නෙමේද ඉපදුණේ? මෙතරම් විනාසමුකයකට රට තල්ලු වෙද්දීත් දන්නේ නැත්නම් අනිවාර්යෙන්ම පර දේශක්කාරයෙක් විය යුතුයි!!

    • කාදිනල් උතුමා says:

      උඹේ දුකට උඹම පුන් ගහගනින්, කාලකණ්නියා,

      වෙන කියන්ඩ දෙයක් නෑ.

    • ගරසරප says:

      ඔව්. බය්යො කියන්නෙ වහල්ලු නේ. හාමුලාගෙන් නිදහස් වෙන්න ඉතිහාසයේ නැවතවරක් සටන් කරන්න වෙලා.

  2. පොරමොලා says:

    රට බෙදන ව්‍යවස්ථාව ඉදිරිපත් කරන, එයට පක්ෂව ඡන්දය දෙන සහ ඊට ඍජුව

    හෝ වක්‍රව සහාය දෙනා සියලු ද්‍රෝහීන්ගේ හත්මුතු පරම්පරාවම විනාශ වේවා!

  3. මිලි බන්ඩා says:

    ෆෙඩරල් ව්‍යවස්ථාවට මුදල් රැගෙන හෝ නොගෙන අත ඔසවන ශ්‍රීලංනිප, එජාප, ද්‍රඑපෙ, ජවිපෙ,
    මුකො හෝ වෙනත් ඕනෑම පක්ෂයක ඇමති හෝ මැතිවරු සෑම දෙනාගේම පවුල්වල සියලුම සාමාජිකයන් ගුවන් අනතුරු වලට ලක්වේවා!

    මාරක රිය අනතුරු වලට ගොදුරු වේවා!

    සුවකල නොහැකි පිලිකා රෝගයන් වැළදේවා!

Main News