ෆෙඩරල් වැඩමුළු රටපුරා.. අතහිත අමරිකාවෙන්..
November 12, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු රජය මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක් වී ප්‍රදේශ රැසක වැඩමුළු මෙහෙයවා ඇත.
මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ යූ. එස්. ඒඩ්. නමැති ඇමරිකානු අරමුදල් සපයන ආයතනයයි.
රහසිගතව ක්‍රියාත්මක වූ මේ ෆෙඩරල් වැඩමුළුවලට තවත් ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන 40 ක්ද සම්බන්ධ වී ඇත.
ශ්‍රී ලංකාව තුළ වාර්ගික අර්බුදයක් පවතින බවත් ඊට විසඳුම ෆෙඩරල් ක්‍රමය බව ශ්‍රී ලංකාවේ ජනතාව අතර ප්‍රචාරය කිරීම මෙම වැඩමුළුවලින් සිදු කර ඇත.
මේ බව යූ. එස්. ඒඩ්. සංවිධානය හෙළි කර තිබේ. මේ අතර මෙරට ඇමරිකානු තානාපති අතුල් කේශාප් ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් අවශ්‍ය බව දන්වා ඇත.
එය ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දක්වා තිබේ.
– divaina
This time JO needs active to defeat this attempt and they need to have seminars with Maha Sanga
රට අයිති රතු ඉන්දියානුවෝ අද පාරේ හිගාකනවා අපේ රටටත් මුන් කරන්න යන්නේ ඒ දේ තමා
16 වැනි සියවසේ දී යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වන විට එම භූමිය විවිධ ගෝත්‍ර වලට අයත් ස්වදේශියන්ගේ වාසභූමි බවට පත්ව තිබුණි. මොවුන් ව හැඳින්වුයේ රතු ඉන්දියානුවන් යන නමිනි. මේ සෑම ගෝත්රයකටම ඔවුන්ගේම වු භාෂාවක් තිබුණු අතර ඔවුන්ටම ආවේණික වු ජීවන රටාවක් ද තිබුණි. එහෙත් ඔවුන් සියලු දෙනාම තමන් ජීවත් වන පරිසරයත් සමග බොහෝම සාමකාමීව සහජීවනයෙන් ජීවත් වුණු අතර කිසි විටෙක තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා යමක් ඉන් ලබා ගත්තේ නැත.ඔවුන් අශ්වයන් පිට නැග යන්නට දැන සිටියේ නැත. රෝද සහිත වාහන ගැන දැන සිටියේ ද නැත. එහෙත් ඔවුන්ට ලෝහ භාවිතය පිළිබඳව යම් දැනුමක් තිබුණි. ඔවුන් සිය ආම්පන්න සාදා ගත්තේ දැව සහ පාෂාණ වලිනි. මත්ස්‍යයන් සහ ගහ කොළ බහුල බටහිර වෙරළ තීරය ඔස්සේ ජීවත් වුණු ඉන්දියානුවෝ පණ නල ගැට ගහ ගත්තේ මත්ස්‍යයන් ඇල්ලීමෙනි. දුම්කොළ සහ ඉරිඟු වගා කළ නැගෙනහිර වෙරළ බඩ ඉන්දියානුවන් ජීවත් වුයේ දඩයමිනි. රට මැද සිටියෝ බයිසන් කුළු හරකුන් දඩයම් කරමින් ජීවත් වුහ. එමෙන්ම කාන්තාර භූමි වල වාසය කළ ගෝති‍්‍රක ජනතාව කුඩා ජලවහන පද්ධති සාදා ගනිමින් ඉරිඟු, බෝංචි ආදිය වගා කරමින් ජීවත් වුහ.
ස්වදේශී ඇමෙරිකානුවන්ගේ විනාශය ආරම්භ වුයේ යුරෝපීයන්ගේ සංක්‍රමණයත් සමගය. සරම්ප, පැපොල වැනි යුරෝපීයන් සමග පැමිණි රෝග කාරක විෂබීජ ඉන්දියානු ගෝත්‍ර වලටද පැතිරෙන්නට විය. මෙම රෝග කාරක ඔවුන්ට ආගන්තුක වුණු අතර ඒවාට ඔරොත්තු දීීමට ප්‍රතිශක්තියක් නොමැති වීම නිසා බොහෝ ඉන්දියානුවෝ මරණය වැළඳ ගත්හ.
ට්‍රම්ප්ගේ තෙල් නළ මාර්ගයට එරෙහිව
රතු ඉන්දියානුවෝ වොෂින්ටන් අධිකරණයේ නඩු පවරති