ෆේල් වූ කාබනික පොහොර පාස් කරන්නැයි ජනාදිපති ලේකම් බලපෑම් කරලා..

September 21, 2021 at 4:40 pm | lanka C news
ෆේල් වූ කාබනික පොහොර පාස් කරන්නැයි ජනාදිපති ලේකම් බලපෑම් කරලා..

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ නැවතත් එම පොහොර අනුමත කිරීමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර මෙරට පොළවට සුදුසු බවට නිවේදන නිකුත් කරන්න සූදානම් වන බවද ඔහු පැවසීය.

මුලින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවත සුදුසු තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

අදාල පොහොර තොගය නිකුත් කරන්නැයි ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

30,908 views

18 Comments to “ෆේල් වූ කාබනික පොහොර පාස් කරන්නැයි ජනාදිපති ලේකම් බලපෑම් කරලා..”

  1. ඒ අවමයි කියන්නේ says:

    භාගෙට මොලය මැරුණු මෝල කාරයෝ , කුකුළෙක් ගේ මොළය තරම් මොළ ඇති මොළකාරයෝ, සහ ඒකසෛලික මොළකාරයෝ දැන් වැඩිපුර වැඩ පටන් අරං. ප්‍රමිතියට හරියන්න ගේනවා වෙනුවට දැන් ගේන ඒකට හරියන්න ප්‍රමිතිය හදනවා. පිස්සු ද මන්දා.

  2. නෙදකින් මේ පාහර බල්ලා ඇතුළු ඔක්කොම ජේවීපී පරයන්ට අවශ්‍ය වී ඇත්තේ රටේ මිනිස්සුන්ට වහ කවා ලෙඩුන් කර මුන්ට මුදල ආධාර දෙන බහුජාතික සමාගම්වලට රටේ මුදල් ලබාදීමටය. මේ බල්ලන්ව ගල්ගසා මරාදැමිය යුතුයි.

    • කමල් says:

      පසුගිය ආණ්ඩුකාලයේ රට ගිණිගත්තද මේ බල්ලන් නැගිටිටේ නැත. දැන් මුන්ට නින්ද යන්නේම නැත. එයට හේතුව මුන් හාමතේ සිටීමයි. ඒ කාලයේ එහෙම බදියන්න ලැබුනු කෑම කොහොමට හිටින්න ඇතිද?

  3. M. බින්තන්න says:

    නෑ ඕයි ඡන්ද 20යි ලු පොරට ලැබිලා තියෙන්නේ. අපි නැහැ රතිඤ්ඤා සූදානම් කරන් හිටියා අපරාදේ.

  4. සනත් ඉතාලිය says:

    හැම ලබ්බටම මොකක් හෝ කියල කඩාකප්පල් කරන මේ 3% ගොන් හැතිකරේ ඇත්තක් කිව්වත් දැන් ඒව පිලිගන්න මැස්සෙක්වත් නැහැ . වදවීයන නිට්ටෑ කොට්ටාසෙ

  5. චන්ඩි කොල්ලා says:

    නොදකිං උරුලෑවා! ගිය තැන අමුඩ ගඳයි!

  6. MD says:

    ප්‍රකාශය කරන්නෙත් ෆේල් වෙච්ච කෙනෙක්නේ.ඉතින් කොයි දේද පාස් වෙලා කියලා හොයන්නේ.

  7. ආර් පේමදාස කාලයේ මේ වගේ එවුන් හරිම ලස්සනට වාෂ්ප කෙරෙව්වා. එතුමාගේ අඩුව හොදටම දැනෙනවා.

Main News