ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීම ගැන ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ…

March 10, 2018 at 3:00 pm | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීම ගැන ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ…

පසුගිය 7 වනදා උදෑසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්ෂක ආමාශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්මවූ සමාජ ජාල බාවිතා කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුකර ඇති බැවින් ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මා විසින් ජිනිවා හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කරීම්ට 2018-03-09 දින (ඊයේ) පියවර ගෙන තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කල බව එහි පෙන්වා දෙයි.

තහනම තුලින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා කඩ කර ඇති බවට චෝදනා කරයි.

තෙල්දෙණිය හා රටතුල ඇතිවන ජාතිවාදී සිද්ධීන්වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද ජනාධිපතිවරයා විසින් සමාජ වෙබ් අඩවී තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කන්ඩායම් හට වාසියක් සිදුවූ බවද පෙන්වා දෙයි. පරිඝණකය පිටුපස සිටි ෆේස්බුක් වීරයන් තහනම නිසා කුපිතවී පාරට බැස්සේය. තවද සමාජ ජාල තහනම් වී තමන් අපහසුතාවට පත් කල මෙම සම්පුර්ණ සිද්ධියට මුල් වන්නේ මුස්ලිම් පුද්ගලයන් පිරිසක් වීම හේතුවෙන් ජාතිවාදී අදහස් නොතිබුණු ඇතැම් සාමාන්‍ය පුරවැසියන්ගේ සිත් තුලට ද දැන් ජාතිවාදය පැතිර ගොස් තිබෙන බව එහි පෙන්වා දෙති. මේ හේතුවෙන් ප්‍රශ්ණය විසඳීම කෙසේ වෙතත්, අහක සිටිනා ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙයි.

මෙවන් සංවේදී ප්‍රශ්ණ විසදීමට දුප්පත් මිනිස්සුන්ගෙන් දඩ මුදල් ගසාකන නිසා ජනතාව වෛරය කරනා පොලිස් නිලධාරින්ව දේශපාලනඥයින් හා රජය යෙදවීම හේතුවෙන් මෙවන් ප්‍රශ්ණයන් නැවත නැවතත් විනාශයන් බවට වර්ධනය වන බව පෙන්වා දෙයි.

ජාතිවාදී යැයි සැලකෙනා සිද්ධීන් රටේ ප්‍රධාන ජනමාධ්‍ය තුලින් වාර්තා කිරීම තහනම් කිරීමේ රජයෙ ප්‍රතිපත්තිය නිසා රටේ මහජනතාව සමාජ ජාල හරහා ඒවාවල තොරතුරු සොයා යෑමට සිදුවීමේ තත්වය උපයෝජනයට ගන්නා පිරිස් අසත්‍ය තොරතුරු රටේ ජනතාව අතරට ජනගත කරන බවත්, එකී ප්‍රතිපත්තිය නිසා ඒවා නිවැරදි කිරීමට ප්‍රධාන මාධ්‍යවලට හැකියාවක් නොමැති බවත්, මේ හේතුවෙන් වරද වන්නේ සමාජ ජාල තුලින් නොව දශකය පමණ සිට පැවතෙන ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය පාලනය කරනා ප්‍රතිපත්තිය තුල බැවින් සමාජ ජාල තහනම යුක්ති සහගත නොවන බවට ද පෙන්වා දෙයි.

මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

130 views

One Comment to “ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීම ගැන ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ…”

  1. යු එන් පී චාං says:

    ෆ්ර්ඩ්නන්ඩෝ ගේ වැඩක් වගෙයි
    මන්ගලයත් ඕකට විරුද්ධයි නේ

Main News