ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පාලනයට නව නීති කිසිත් නෑ..- TRCය කියයි..

March 16, 2018 at 10:40 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පාලනයට නව නීති කිසිත් නෑ..- TRCය කියයි..

ශ‍්‍රී ලංකාව තුලදී ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමට තිබූ වාරණය ඉවත් කලද එය පාලනයට අදාල නව නීති සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුවත්කමක් නැති බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශ්‍යාමන් ගුණතිලක මහතා රිවිර පුවත්පතට පවසා ඇත.

සමාජ ජාල සදහා පනවා තිබූ වාරණය ඉවත් කලද ඒවා පාලනයට නව නීති පැනවීමක් ගැන මේ වන තෙක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර නැති බවද පැවසෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පතුරුවන පිරිස් සම්බන්දයෙන් නව නීති හදුන්වා දෙන බව ආණ්ඩුවේ බලධාරීන් මෑත දිනවල අවස්ථා කිහිපයදීම සදහන් කරන්නට යෙදුනි.

122 views
Main News