ෆේස්බුක් එකෙන් මට බනින තරම්.. – ජනපති කියයි..
November 28, 2016 at 11:20 am | lanka C news
අද ඇති නිදහස කොතෙක්දැයි කිවහොත් ෆේස්බුක් වෙබ් අඩවියේ මෙන්ම පුවත්පත් ගුවන්විදුලියෙන් ජනාධිපතිවරයාට කොතරම් විවේචන එල්ල වන්නේදැයි ජනතාව දන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
පානදුරේදී පැවති ශ්රීලනිප ප්රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ආණ්ඩුවට දෝෂාරෝපන විවේචන කොතෙක් එල්ල වුවත් තමනට බාරදුන් වගකීම අඛණ්ඩව ඉටු කරන බවද ඔහු එහිදී සදහන් කලේය.