ෆේස්බුක් ජාතිවාදීන් අල්ලන්න වෙනම පොලිසියක් ඕනෑ..

November 20, 2016 at 3:00 pm | lanka C news
ෆේස්බුක් ජාතිවාදීන් අල්ලන්න වෙනම පොලිසියක්  ඕනෑ..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය ඇවිස්සීමේ කටයුතු වැලැක්වවී සදහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටවිය යුතු යයි ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.

‘බලය බෙදා එක්සත්වීමේ ව්‍යාපාරය’ කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඕනෑම ආගමකට, ජාතියකට එරෙහිව ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රකාශ කරමින් ජාති-ආගම් භේද ඇතිකරන්නන් නීතිය හමුවට කැදවීම අත්‍යවශ්‍ය යයිද පවසන ඔහු සිංගප්පූරුවද ආගම් භේද ඇතිකරන්නන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසින්ම මෙරට රජයද කටයුතු කළ යුතු යයිද කියා සිටී.

147 views
Main News