ෆේස්බුක් තහනම නොතකා ජනපති-අගමැති මැති ඇමතිවරුන් හොරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි..

March 9, 2018 at 8:40 am | lanka C news
ෆේස්බුක් තහනම නොතකා ජනපති-අගමැති මැති ඇමතිවරුන් හොරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි..

මහනුවර ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇතිවූ කලහකාරී තත්වය නිසා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ශ‍්‍රී ලංකාව තුල අවහිර කර තුන් දිනක් පමණ වෙයි.

රජය විසින් අවහිර කලද විවිධ තාක්‍ෂණික උපක‍්‍රම යොදා ගනිමින් එම අඩවි වෙත සුපුරුදු පරිදි පිවිසීමට ජනතාව කටයුතු කර ඇති අයුරු ඉතා පැහැදිලිව දැකිය හැකිය.

කෙසේ වෙතත් අවහිර කර තිබියදී විවිධ ක‍්‍රම මගින් සමාජ ජාලාවන්ට පිවිසෙන්නන් ගැන සොයා බලන බවත් අදාල නීතියම කටයුතු කරන බවත් අදාල අංශ විිසින් මේ වන විටත් මාධ්‍ය වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු රජයේ බොහෝ මැති ඇමතිවරුන් මෙම කාලය තුල සුපුරුදු පරිදි සිය ක‍්‍රියාකාරකම් ෆේස්බුක් ඇතුළු සිය නිල සමාජ ජාල පිටුවල පල කරමින් සිටී.

77 views

9 Comments to “ෆේස්බුක් තහනම නොතකා ජනපති-අගමැති මැති ඇමතිවරුන් හොරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි..”

  1. හරිද බන් මන්කියන්නේ says:

    දැන් එතකොට කවුද FB එකට ගිහිල්ලා පොස්ට් දාල තියෙන්නේ . ජනතාවද පාලකයෝද ?

    ජාතිවාදය අවුසන්නේ කවුද කියලා මන් ඉතින් ඔං කිව්වා .

    උඹල පුළුවන් නම් ඉතින් නැහැ කියපල්ලකෝ ?

  2. වැඩ බැරි ටාසන්ලා says:

    මුන්ට හොර වැඩයි නීති විරෝධී වැඩයි කරලමයි පුරුද්ද. ඒක අතහරින්න කීයටවත් බැහැ.

  3. Dushantha says:

    මේ මෝඩ ෂන්හිඳියා සෙල්ලමෙන් වෙන්නෙ. රටේ ජනගහනයෙන් බාගයක් විතර හිරේ යවන්ඩ. ඈත්තටම ෂන්හිඳියාව රකින්ඩ ඕනි නන් මේවාට අනුබල දුන්න ආන්ඩුවෙම ඉන්න දේශපාලුවො ටික අල්ලපල්ලා. මේ නපුන්සකයො ටික ඈවිත් අවුරුදු 3ක් උනා අඩුගානෙ තවම අළුත්ගම සිද්දිය ඈති වෙච්ච හෑටි ගෑනවත් හෙව්වෙ නෑ. ජාතිවාදී කලබල ඈති වෙනවට අපි කවුරුවත් කෑමති නෑ. මේ වගෙ මෝඩ විදියටද ජාතීවාදී කලබල නවත්තන්ඩ හදන්නෙ.

  4. dula says:

    දැන් සිරිසේන උන්නැහේ කියයිද දන්නේ නෑ මට ෆේස් බුක් ගිණුමක් තිබ්බ බව මම දැනගත්තේ පත්තරෙන් කියලා 😎

  5. ගන්ජ බන්ඩා says:

    අැය් හොරෙන් යන්නෙ? මොලයක් තියන ඔිනා කෙනෙකුට පුලුවන් ඉන්ටනෙට් තියන තාක් කල් ප්‍රොක්සියකින් ෆේස් බුක් නෙවෙය් ඔිනා සය්ට් එකකට යන්න.

  6. පොඩිරාළහාමි says:

    මෙම පාලකයන්ගේ ‍මෝඩකම ලෝකෙටම පෙන්වන අවස්ථාවක්. වාරණයක් ;තියෙද්දි……..

  7. PRem says:

    ලංකවේ නිතිය පොඩි මිනිහට විතරද්….කෝ ජනාදිපතිට අගමතිට නිතිය

  8. මරුසිරා says:

    දේවාලය තුල කපුවා රෙන එක ආතුරයන්ට අදාල නැත.

  9. daminda says:

    pahath thanin galana wathura

Main News