ෆේස්බුක් මගින් කුණහරුපෙන් බැන්නා කියා ***FM ගුවන් විදුලියට CIDය කඩා පනී..
January 21, 2017 at 12:00 pm | lanka C news
මෙරට ප්‍රධාන පෙලේ ගුවන් විදුලි ආයතනයක මාධ්‍යවේදීන් දස දෙනෙකුගෙන් පමණ ඊයේ දිනයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමටකට ලක් කර තිබේ.
පැය අටක පමණ කාලයක් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ ගුවන් විදුලියේ ප්‍රධාන විධායක නිලධාරියට ෆේස්බුක් ඔස්සේ අසභ්‍ය ලෙස බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ආයතනයේ සේවකයන් විසින්ම පවත්වාගෙන ගිය ෆේස්බුක් ගෘප් චැට් ගෲප් එකදී අම්මා අප්පා මතක් කරමින් ප්‍රධාන විධායක නිලධාරියාට බැන වැදී ඇති අතර ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියේ කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ප්‍රශ්න කිරිම සිදු කර ඇත.