ෆේස්බුක් මගින් ජනපතිට, අගමැතිට මරණ තර්ජනය කල අයෙක් රිමාන්ඞ්..

December 8, 2016 at 12:00 pm | lanka C news
ෆේස්බුක් මගින් ජනපතිට, අගමැතිට මරණ තර්ජනය කල අයෙක් රිමාන්ඞ්..

ජනාධිපතිට, අගමැතිට හා විපක්‍ස නායකට ෆේස්බුක් ඔස්සේ මරණ තර්ජනය කරනු ලැබූ පුද්ගලයෙකු පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කිරීමෙන් පසු මෙම 15 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ රිමාන්ඞ් කර ඇත්තේ රත්ගම පදිංචි දිනුෂ් චාමර නම් 26 හැවිරිදි තරුණයෙකි.

10 views

11 Comments to “ෆේස්බුක් මගින් ජනපතිට, අගමැතිට මරණ තර්ජනය කල අයෙක් රිමාන්ඞ්..”

  1. "WELUSUMANA" says:

    “kalakanni yahapalanaya”karanna puluwan me wagee ahinsakayekwa ethulata dala chandi kam penwanna vitarai”

  2. පොළොන්නරුවේ අපි says:

    මේ පුද්ගලයන් තමාගේ සුඛ විහරනය, බල තන්හාව සහ පලිගැනීමෙ උවමනාවන් මත රට ජාතිය පාවාදුන් ජාතිද්‍රෝහි නායකයන් ලෙස තව නොබෝ දිනකින් ඉතිහාසගතවෙනු නොඅනුමානයි !!! මෙවන් පුද්ගලයන් බිහි කිරීම ගැන ලක් මව හඬා වැටෙනු පසුබිමින් ඇසේ !!!

  3. OLU says:

    ජනාධිපතිට, අගමැතිට හා විපක්‍ස නායකට ෆේස්බුක් ඔස්සේ මරණ තර්ජනය කරනු ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී ……
    ජනපතිට ෆේස්බුක් ඔස්සේ මරණ තර්ජනය කරනු ලැබූ දෙවැන්නා මොහු නේද ? රටේ ජනතාව එසේ කරන්නේ පාලකයින්ගේ වැරදී නිසයි
    යහපාලනය අද සිංහලයාගේ විනාශයට කටයුතු කරයි ..මුළු රටම අනතුරේ ..උතුරේ LTTE ත්‍රස්තවාදීන් සමරමින් ත්‍රස්තවාදය රජ කරයි
    අවුරුදු 30 මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් බැට කෑ ජනතාව නැවත LTTE ත්‍රස්තවාදයට පන පොවන රෙජිමයකටෆේස්බුක් ඔස්සේ තර්ජනය කිරීම පුදුමයක් හෝ අත්අඩංගුවට තරම් වරදක් ලෙස අප දකින්නේ නැත ..අද යහපාලනය රට ජාතිය අගාධයට ගෙනියන අසාධාරණ රජකරන නිවට රෙජිමයක්
    මුළු රටට මරණ තර්ජනයක් වූ රටටම අනතුරක්වූ සිරගෙවල්වල සිටි දරුණු මිනීමරු මෙලෙච්චේද කළු කොටි නිදහස් කල සිරිසේන ෆේස්බුක් ඔස්සේ කල කතාවකට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට තරම් දුර්වලද ? බයද ? ත්‍රස්තවාදීන්ට නිදහස් දෙනවිට ඔවුන්ගෙන් රටේ සිංහල ජනතාවට මරණ තර්ජන ඇතිබව වැටහුනේ නැද්ද ? මොකද්ද මේ අසාධාරණය ?
    නියම දේශප්‍රේමී සිංහලයකු වීම ගැන දිනුෂ් චාමර ඔබට අපේ ප්‍රණාමය …තමාගේ අදහස් ප්‍රකාශ කිරීමට බිය විය යුතු නැත අදහස් ප්‍රකාශ කිරීම දඩුවම් කල යුතු වරදක් නම් …..ත්‍රස්තවාදීන් නිදහස් කිරීම කොතරම් දරුණු අපරාධයක්ද ?
    LTTEත්‍රස්තවාදීන් නිදහස් කල පාලකයා අත්අඩංගුවට ගතයුතුයි නේද ?

  4. kamal says:

    මානව හිමිකම් කියන්නෙ මොකද කියලා ඒකසත් ජාතින්ගෙ සංවිධානය දෙබිඩි පිලිවෙතකින තොරව හදුනාගත යුතුයි. නැතිනම් සමලංගික අයිතිය කුඩු කාරයන්ට කුඩු ගැහිමෙ අයිතිය . මිත්‍යාදෘෂ්ටිකයාට තම දෘෂ්ටිය ව්‍යාප්ත කිරිමෙ අයිතිය මානව හිමිකමක් වෙන්නෙ නැ. මෙය හරි උභතොකටික ප්‍රශ්නයක් . පන්සිල් අාරක්ෂා කරන්නන් කතොලික සංස්කෘතිය මගින් මත්පැනට පොළඹවනවානම් ඒය මානව හිමිකම් කඩකිරිමක්. තව හලාල් කියා පන්සිල් වලට රුකුල් නොදෙන සත්ව ඝාතනය ප්‍රචලිත කර පන්සිල් රකින්නන් අාරක්ෂා නොකරනවානම් ඒය මානව හිමිකම් කඩකිරිමක්. මානව හිමිකම් ගන්න ඔනෙ සත්‍ය මත ඉදගෙනයි නැත්තම් වරදිනවා

  5. CAT says:

    මුළු රටම ගිනි ගොඩක් ..රටේ ප්‍රශ්න පිරිලා .ඒවා ගැන මේ අයට ගාණක්වත් නෑ…අපේ රටේ ජනාධිපති, අගමැති හා විපක්‍ස නායක දැන් බලන්නේ ෆේස්බුක් විතරද ?රටක් සමාජයක් විදියට අප මේ ගමන් කරන්නේ සදාචාර ප්ර්මිතීන් සියල්ල අබිබවා අවාසනාවන්ත අවසානයකට…අපේ රටම අනතුරේ
    රටකට සමාජයකට අනාගතයක් තියෙන්නනම් ඒ රට සමාජය සදාචාර ප්ර මිතීන්වලට අනුව ජීවත්වෙයි ..අද අසාධාරණය රජ වෙලා ..තරුණයින්ගේ ගේ බලාපොරොත්තු බිද වැටිලා..තම සංස්කාතියෙන් සහ සමාජ පරිසරයෙන් උරුම වී ඇති අභිලාශයන් මුදුන්පත් කර ගැනීමට නො හැකි වන විට පුද්ගලයකු තුළ යම් පීඩාකාරි තත්ත්වයක් නොහොත් ඉච්ඡා භංගත්වයක් ඇති (FRUSTRATION) වෙයි. එහෙයින් ඔහු ඊට එරෙහි ව ප්‍රතිචාර දක්ව යි. . අද තියෙන්නේ ජනතාව ලබාදුන් බලය යොදාගෙන ජනතාවටම පහර දෙන ආණ්ඩුවක්.ඒවගේම ඡන්ද කාලයේ දී වෙස්සන්තර චරිතය රඟන ආණ්ඩුව ඡන්දයෙන් පසුව දෙව්දත් චරිත රඟපානවා.. මේ ආණ්ඩුවේ ක‍්‍රමය මේ රටේ සියලූදෙනාටම අලූත් අත්දැකීමක්. රටේ මහජනයාට, ආණ්ඩුව කරන යහපාලනයේ අලුත් අත්දැකීමට එකට ප්‍රතිචාරයක් තමයි මේ තරුණයා ෆේස්බුක් එකෙන් කරන්නේ ….එය වරදක් නොව ඔහු වත්මන් රෙජීමය ට ඔහුගේ විරුද්ධත්වය පල කිරීමක් පමණි ..එකට වගකිව යුත්තේ යහපාලන රෙජිමයයි තරුණයා/තරුණිය යනු රටේ ජිවනාලිය යි. එමෙන් ම රටක වෙසෙන ජතාවගෙන් වඩාත් ශක්තිත් ම කොටස යි. ඔවුන් රටට වැඩදායී පිරිසක් බවට පත් කිරිමේ වගකිම පැවරී ඇත්තේ රටේ පාලකයන්ට ය.අප රටේ සිදුවන්නේ කුමක් ද? රටේ ජීවනාලියේ න්‍යෂ්ටිය බඳු තරුණ කොටස් කෙරෙහි කිසිඳු අවධානයක් යොමු නොකරන, ඔවුන් දිනෙන් දින ම ප්‍රපාතය ට ඇද දමන අධම පිරිසක් බවට රජ්‍ය පාලකයන් පත් ව ඇත. කරුණාකර ඔහු නිදහස් කරන්න

  6. Kolitha says:

    Maranna aawa kotiyata samawa…
    Maranawa kiyala liyapu kollata hirageya…..
    Pissu dubble wena yahapalanaya hallo….

    • Maraya says:

      (සිරිසේන නුතන )කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව

  7. LION says:

    ..
    නිවටකමින් ජිවත් වෙනවාට වඩා වීරයකු සේ මියයාම සැපතක් බව මැතිවරණ ප්‍රචාරක රැස් වීම් වල ප්‍රකාශ කල සිරිසේන අද දෙමල ඩයස් ඩයස්පෝරාව …TNA ත්‍රස්තවාදීන්ගේ ..ඉන්දියාවේ ..අධිරාජ්‍ය වාදීන්ගේ NGO ඩොලර් කාක්කන්ගේ රූකඩයක් බවට පත් වී ඇත
    දැන් රට ජාතිය වෙනුවෙන් කතාකරන තරුණයින් අත්අඩංගුවට ගනියි …මේ තරුණයින් පිළිපදින්නේ ඔබතුමා එදා පැවසූ ලෙසයි ..” නිවටකමින් ජිවත් වෙනවාට වඩා වීරයකු සේ මියයාම සැපතක් කියා” ඔවුන් සිතන නිසයි ….එකේ ඇති වරද කුමක්ද ?
    TNA දෙමල ජාතිවාදය …මුස්ලිම් අන්තවාදය ..අපේ රටේ රජකරන හැටි ……..
    මඩකලපුවේ පන්සලට වන්දනාවේ ගිය සිංහලයන්ව නැවැත්වුයේ හිරිහැර කලේ ජනපතිගේ නියෝගයක්ලු TNA කියයි
    මේවාට මේ රටේ සිංහල ජනතාව නිශ්ශබ්දව සිටිය යුතුද ?
    https://www.youtube.com/watch?v=q28xu1RSr4Y

  8. JOY says:

    සවසට බිමත්ව පාරේ මරනවා කියමින් යන බේබද්දෝ පරිසමින්…. .වැරදුනා…ෆේස්බුක් මගින්.මරනවා කියන අයව විතරයි නේ අත්අඩංගුවට ගන්නේ

Main News