ෆේස්බුක් මානව හිමිකමක්… ඒ අයිතිය ඕනෑ.. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ..

March 9, 2018 at 12:40 pm | lanka C news
ෆේස්බුක් මානව හිමිකමක්… ඒ අයිතිය  ඕනෑ.. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මෙසේය.

සභාපතිනිය
මානව හිමිකම් කොමිෂම
කොළඔ

පැමිණිල්ලයි.

පැමිණිලිකරු

රංජිත් විතානගේ
සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
අංක 191
කටුවාවල
බොරලැස්ගමුව

වගඋත්තරකරැවන්

ඔස්ටින් ප්‍රනාන්දු
සභාපති
ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව
ඇල්විටිගල  මාවත
කොළඔ 06

කපිල වෛද්‍යරත්න ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ 01

  • රංජිත් විතානගේ වන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි. තොරතුරු ලබාගැනීම සදහා සහ අදහස් ප්‍රකාශ  කිරීම සදහා මා විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරනු ලබයි. එම පහසුකම ලබා ගැනීම සදහා මා විසින් අන්තර්ජාලය භාවිතා කරන අතර ඒ සදහා මුදල් ගෙවීමක් කරණු ලබයි.
  • 2018/03/06 දින සිට මෙහි දෙවන වග උත්තරකරැගේ උපදෙස්මත පළමු වගඋත්තරකරු විසින් සමාජජාලා මාධ්‍ය සීමා කරන ලදී. ඒ අනුව මේ වන විට මාහට මුහුණු පොතට පිවිසීම, viber, whatsapp යන ආදියට පිවිසීමට නොහැකි වන ආකාරයට එම සේවාවන් අවහිර කර ඇත.

එසේ කිරීම තුලින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1)  (අ ) වගන්තිය උල්ලංඝණය කර ඇත.

14 (1) වගන්ති ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකිවුව ද එසේ එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නැත.

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1)  (අ) වගන්ති උල්ලංඝණය කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔබ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමි.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

96 views

17 Comments to “ෆේස්බුක් මානව හිමිකමක්… ඒ අයිතිය ඕනෑ.. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ..”

  1. SB says:

    ෆේස්බුක් තහනම් කරේ සිංහල-මුස්ලිම් කෝළාහලය නිසාම නොවෙයි…අද ලෝකයේ සිටින රාජ්‍ය නායකයන් අතරින් ලංකාවේ රාජ්‍ය නායකයන් දෙපළ වගේ ජනතාව අතර ෆේස්බුක් හරහා අවමානයට, හාස්‍යයට ලක්වෙන දෙපලක් ලොවෙත් නැත…මොවුන් හේතුවක් සොය සොයා හිටියේ ෆේස්බුක් තහනම් කරන්න. කීප වතාවක්ම ප්‍රසිද්ධියේ මොවුන් මේ බව පවසා සිටි ආකාරය අප දන්නවා.

  2. simbu says:

    යකෝ ප්‍රබාකරන් ඉද්දිත්වත් fb නැවැත්තුවේ නෑ. අපි මහන්සි වෙලා ගෙදර ඇවිල්ල පොඩ්ඩක් relax වෙන්නේ fb එකත් නැති කල උබලාට හෙන හත වැදියන් අන්තවාදේ දාන උන් හොයාගෙන දඩුවම් නැත්නම් මරල දාපල්ලා අපේ නිදහස නැති කරන නැතුව මුසලයෝ

Main News