ෆේස්බුක් මැඩලන්න චීන, ජර්මන් සහාය බලඇණි කැදවයි.. ෆේස්බුක් ගිණුම් 186ක් ගැන පරීක්‍ෂණ..

March 11, 2018 at 9:20 am | lanka C news
ෆේස්බුක් මැඩලන්න චීන, ජර්මන් සහාය බලඇණි කැදවයි.. ෆේස්බුක් ගිණුම් 186ක් ගැන පරීක්‍ෂණ..

අසත්‍ය ප්‍රචාරයන් සිදු කල ෆේස්බුක් ගිණුම් 186ක් ගැන විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

මෑතකදී ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්දයෙන් සෘජුව සම්බන්ධ පුද්ගලයන් රැුසක්ම සමාජ ජාලමගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇතැයි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සදහන් කරයි.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මේ අතර ෆේස්බුක් ක‍්‍රියාකාරීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ තව දුරටත් ක‍්‍රියාත්මක කර ඇති අතර ෆේස්බුක් සමාගම සමගද සාකච්ඡා ආරම්භ කර තිබේ.

වට්ස්අප් හරහා අසත්‍ය ප‍්‍රචාර පැතිරවූ පිරිස් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.

ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සදහා චීන හා ජර්මානු රජයන් මගින් තාක්ෂණික සහාය ලබාගැනීමටද රජය කටයුතු කරමින් සිටී.

මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හා යෙදවුම් සහහා මෙරට තුල කර ඇති වාරණය තව දුරටත් ක‍්‍රියාත්මකය.

18 views

6 Comments to “ෆේස්බුක් මැඩලන්න චීන, ජර්මන් සහාය බලඇණි කැදවයි.. ෆේස්බුක් ගිණුම් 186ක් ගැන පරීක්‍ෂණ..”

  1. Ranga says:

    එන්න G+ . 100% security 🙂 Facebook වලට කොහොමත් වැඩ ආයුශ නැහැ. එන්න එන්න ඇක්ටිවිටීස් අඩුවෙනවා. තව අවුරුදු පහක් යනකොට එකවුන්ට් විතරක් ඔහේ තියෙය් කවුරුවත් යන්නේ නැහැ. සකර්බර්ග් පාරට වැටුන් නැතුව හිටියොත් පුදුමයි.

    • Amda says:

      දැන් ඉතින් අර්ජුන්, දෝශාභියෝග, බැන්කු මන්කොල්ල ඔක්කොම ඉවරයි. මේක තමයි topic එක

  2. Sunil Dahanayake says:

    All these activties are real “Gonparts”.

    What the government should do is to address the real social, economic and political issues. The two leaders both do not have answers to address these issues.

    The crux of the problem is that they need to have one legal system or law and order situation for all communities. There is a widspread opinion that majority sinhelese will be given the full force of law and order while the Muslim and Tamil commuity members given the soft treatment when they break the law. Obvious example is how protesting university students and farmers in Rajaganaya have been treated. The government does not have answers to tcritical issues and hey will go into the history of “Dustbin” within 2 years time.

  3. rathna says:

    මාඨ‍ය් ඉස්සරා ඉදගෙන
    වපුරන වාචල බොරුකියන හැත්තට
    මොකඩ කරන්නෙ. උන් මුලුරටටම කරන්නෙ
    අපරාද්යක්

  4. Raja says:

    How about Arjun Mahendran?

  5. john the baptice says:

    චන්දෙට පෙර නොමිලේ WI FI දෙනවිට මේ ප්‍රශ්න නැහැ කාලකන්නි

Main News