ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාල වාරණය අවසන්..?

March 8, 2018 at 3:00 pm | lanka C news
ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාල වාරණය අවසන්..?

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාලයන් සදහා පනවා ඇති වාරණය අද පස්වරුව වන විට ඉවත් කෙරෙනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂමේ ආරංචි මාර්ග කියයි.

රට තුල පවතින තත්වය සාමකාමී වීමෙන් මෙම පියවර ගත හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවන්න ආරම්භ කලහොත් නැවතත් පෙර පියවරම ගත හැකි බවද ඔමවුන් සදහන් කරයි.

මේ අතර රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම අදහස වී ඇතැයි පැවසෙන්නේ සමාජ ජාල තහනම හේතුවෙන් කිසිදු පලක් නොවූ බවත් බොහෝ දෙනා විකල්ප ක‍්‍රම ඔස්සේ සමාජ මාධ්‍ය වෙත පිවිසෙන බවත්ය.

ෆේස්බුක් වාරනයෙන් පසුව ජනාධිපතිවරයාද ඇතුළුව රජයේ බොහෝ මැති ඇමතිවරුන් සිය නිල ෆේස්බුක් ගිණුම් සක‍්‍රීයව පවත්වාගෙන යාම ගැනද ඔවුනතර සාකච්චාවට ලක් ව ඇත.

117 views

7 Comments to “ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාල වාරණය අවසන්..?”

  1. වාරණය says:

    වාරණයවත් හරියට කරේ නෑනෙ

  2. රටවැසියා says:

    මේ මන්ද බුද්ධික දේශපාලකයෝ රැල රට ආපහු ගල් යුගයට අරන් යන්න හදනවා. සමාජ මාධ්‍ය ජාලා තහනම් කරලා රටේ ජාතිවාදය නැති කරන්න පුළුවන් නම් මොන කෙහෙම්මලකට ද ආණ්ඩුවක් ඉන්නේ?

  3. jehan says:

    ඒ කාලේ රනිල් කෑ ගහගහා හිටිය අපි අසමත් රජ්ජයක් කියලා දැන් සමත් ද දන්නේ නෑ

  4. sudesh says:

    පිට රටවල ඉන්න ම්නිස්සුන්ට තමන්ගේ අම්මල තාත්තලට බිරිදට ලමයිට ලෙඩ වෙලා ඉන්න අයට කතා කරන්න. ඔවුන්ගෙ ගේ දුක සැප අහන්න විදියක්‍ නෑ මේ මෝඩ පාලකයො නිසා.
    මහින්දගේ කාලෙ වත් මෙය වගේ ගොන් වැඩ කලේ නෑ.

  5. Sisira says:

    All foolish decisions, Without banning VPN what is the use of restricted social media. Anyone can use VPN access banned sites.

  6. Nandasoma says:

    ඒ කාලේ රනිල් කෑ ගහගහා හිටිය අපි අසමත් රජ්ජයක් කියලා දැන් සමත් ද දන්නේ නෑ

    නිකන් වයි ෆයි ගන්න ගිහිල්ල සල්ලි වලට තිබුණු එකත් නැතුව ගියා….!

    නංගිල මල්ලිලාට දැන් කරදරයක් නැහැ නේද?

Main News