ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

March 14, 2018 at 9:20 am | lanka C news
ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ.

ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

116 views

44 Comments to “ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]”

  1. ranaweera gunasena says:

    පාලකයෙක් මන්ද බුද්ධිකයෙක් වීම ඉවසිය හැකිය.එහෙත් ඔලමොට්ටලයෙක් වීම දරාගත නොහැකිය .

    • කෙසඟා says:

      මන්ද බුද්ධිකයෙක් රටක පාලකයෙකු කිරීම ඊටත් වඩා දරාගත නොහැකිය .

  2. Pedro says:

    HELLO, DO NOT BRING SILLY COMMENTS TO PUBLIC.

  3. kamalasirikuruwita says:

    ජනපති ජපානයද බින්කුන්ඩේක් ලෙස දෙකට නවා කිහිල්ලේ ගසා ගෙන ජපානයද ජයගනී. ඔවුන්ද යපාලනය අපෙන් ඉගෙන ගනී. නියමයි. අපි එහෙනම් ජපානයටත් උඩින් ගියා ඈ!!!

  4. Hdh says:

    Thuuuu nodakin!

  5. David Milli-banda says:

    Very good idea…………….. May be we can now repay our loans…..
    lets ban it permanently.

    Aney manda….. Trump also sacked his Secretary of State Rex Tillerson through the twitter.

  6. චමිලා නංගි says:

    රටේම මිනිස්සුන්ගේ ෆේස්බුක් අවහිර කරලා, ඔබතුමාගේ සහ අගමැති තුමාගේ ෆේස්බුක් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ අහවල් ලබ්බකට ද මැතිතුමෝ?
    මොකාට බලන්නද ….? තමන්දාපු නිතිය තමන් වත් නමන්නේ නැතුව හිටියානම් රටට ආදර්ශයක් නේද ?

  7. ගුණරත්න says:

    FB කියන්නේ ආණ්ඩුවට සල්ලි ලැබෙන business එකක්ද? තේ පොල් රබර් වගේ? කතා කිරීමේ නිදහස? බාෂණයේ නිදහස? මාද්‍ය නිදහස? මේවා මානව අයිතීන් නොවේද?

  8. සිරිබිරිස් says:

    කොටුවේ මානව අයිතීන් ගැන බෙරිහන් දුන් වුන් කෝ දැන්

  9. Nim says:

    KOKAGE SUDA PENNE
    EGILANA KOTA
    DODA WANNE NATHUWA
    ENNA WANAM WADA HODAI.

  10. දිවැසින් දැකීම says:

    මුළු ලෝකෙන්ම ඉන්න බුධිමත්ම ජනාධිපතිතුමා ලබන්න අපි කොතරම් පිං කරලා ඇත්ද? මෙතුමාට මහා කරදරයක් වී ඇති 13% වූ චන්ද ප්‍රතිශතය 0.13% දක්වා වෙනස්වෙනවා සහතිකයි.

Main News