ෆේස්බුක් වැහුවේ රටේ අභිමානය රැකගන්නයි..- ඩිජිටල් ඇමති
March 12, 2018 at 8:40 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීමේ ගැටුළුව ඉදිරි දින දෙකක කාලයේදී විසදෙනු ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පියවර ගනු ලැබුවේ සමාජ ජාලාවන් ඇතැමුන් විසින් අනිසි ලෙපස භාවිත කල නිසා බවත් පවසන ඔහු විදුලි සංදේශ නියාමන කොමිසම ඇත්තේ ජනාධිපති යටතේ නිසා තමනට මේ ගැන යමක් කිව නොහැකි බවද කියයි.
කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපති කාර්යාලයේදී මේ ගැන සාකච්චාවක් පැවැත්වෙන්නේ යයිද ඔහු සදහන් කරයි.
සමාජ ජාලා අවහිර කිරීම නිමා බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටින්නේ වුවත් මෙම ක්‍රියාමාර්ග ගත්තේ ශ්‍රී ලංකාවේ අභිමානයට හානිකර දේ පළකිරීම වළකන්න යයිද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
කෙසේ වෙතත් මීට පෙර නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සෙනසුරාදා වන විට මෙම අවහිරය අවසන් වනු ඇති බවය.
එක්කෝ මුගෙ කෑල්ලක් අඩුයි,නැත්නම් මූ උපන් ගෙයි මොංගලයෙක්.ඔයිට වඩා හොඳයි ගෙදර ගිහින් උඹ උඹටම ඩිජිටල් කර ගත්ත නම්.
hiss bass..
ehema ekak apita thiyenawada ban …..???