ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….
April 18, 2022 at 7:10 pm | lanka C news
කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ.
ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්රණ ආදියේ දී පමණි.
සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි.
ජන අරගලයට කොරෝනා බෝ කරන්ඩද ?
ආණ්ඩුව මොන අමන වැඩේ කලත්
තමන්ගේ පරිස්සම ගැන මහජනතාව වගබලාගත යුතුය.
Donot need expert advise…..wonder virologist agree..if fails say sorry and buy more vaccines SINCE IMF is giving money..
මුන් හදන්නෙ කොරෝනා බොකරල රට ලොක්ඩවුන් කරන්නද දන්නැහැ. රටේ කොරෝනා රොගීන් අඩු වෙලා තියෙන්නෙ මිනිස්සු බොහොම පරිස්සම් උන නිසා. ඒ නිසා මූ කිවුව පලියට මාස්ක් නොදා ඉන්න එපා. මේකෙම තියනව පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්රණ ආදියේ දී මාස්ක් දාන්න ඕන කියල. ඒ කියන්නෙ මේකෙන් ඉලක්ක කරන්නෙම එලිමහනෙ ඉන්න මිනිසුන්. මේවෙලාවෙ වැඩියෙන්ම එලියෙ ඉන්නෙ මුන්ට විරුද්ධව උද්ගෝශන කරන අය හා පොලිම්වල ඉන්න අය. ඒ දෙගොල්ලොම රජයට මහ හිසරදයක් වෙලා ඉන්නෙ. ඒ නිසා මාස්ක් දැන්මම නොදා ඉන්න එක නුවණට හුරු නැහැ.
මොන නීතියක් තිබුනත්, ඒවා ක්‍රියාත්මක කරන්න පොලිසියක් තියෙන්න ඕනේ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා බස් රථ වලින් වැඩි ප්‍රමාණයක රියදුරන් ෆේස් මාස්ක් නැත. නීතියක් ක්‍රියාත්මක කරන්න මේ වගේ දුෂිත පොලිසි වලට පඩි ගෙවන්න මහජන මුදල් නාස්ති කිරීමක්