ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීම රිවස් කරන්නැයි සෞඛ්‍ය ඇමති දන්වයි…

April 20, 2022 at 11:20 am | lanka C news
ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීම රිවස් කරන්නැයි සෞඛ්‍ය ඇමති දන්වයි…

COVID 19 හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවට පනවා තිබු රෙගුලාසිය පසුගිය 19 වැනිදා ඉවත් කෙරිණි.

එම තීරණය ගෙන තිබුනේ COVID 19 පිලිබඳ විද්වත් කමිටුව මගින්ය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය SM ආනොල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සමිත ගිනිගේ, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවට සහ තවත් තීරණ කිහිපයක් ගෙන තිබුනේ අප්‍රේල් 3 දිනය.

එම තීරණ සිංහල-හින්දු නව වසරෙන් පසු ක්‍රියාවට නංවන ලෙසද තීරණය කර තිබුණි.

කෙසේ නමුත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ශව ගණනාවක් එය මේ අවස්ථාවේ ක්‍රියාවට නොනන්වන ලෙස නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි.

ඒ අනුව එම තීරණය යලි සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට දන්වා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඒ බව විද්වත් කමිටුවට දන්වා ඔවුන්ගේ තීන්දුව ලබා ගැනීමට නියමිතය

62,768 views

19 Comments to “ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීම රිවස් කරන්නැයි සෞඛ්‍ය ඇමති දන්වයි…”

  1. Mask epa yako says:

    Aye mask neetiya genawoth man health ministrya issara udgosana karanawathaniyen hari

  2. Silva says:

    මාස්ක් රෙද්ද ගෙන්වන මුදලාලිගෙන් කොමිස් එක ලැබුන ගමන් රිවස්. හොර පැනි සුමනයා නොදකින්…

Main News