ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…

September 18, 2016 at 3:50 pm | lanka C news
ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…

පසුගිය වසරේ අගෝස්තු මස පැවති මහමැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් සහ එහි නායකයා ලෙස තරග කොට පරාජය විමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය එම් කේ ඒ ඩි එස් ගුණවර්ධනගේ අභාවයෙන් හිස්වු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එජාපයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වරයෙකු ලෙස පත්ව මේ වසරේ පෙබරවාරි 09 දින ප්‍රදේශිය සoවර්ධන අමාත්‍ය ලෙස පත්කරන ලදි.

නව ප්‍රදේශිය සoවර්ධන අමාත්‍යාංශයක් ඇති කිරිම නිසා ඇමතිවරයා ඇතුළු අමාත්‍යාංශය නඩත්තු කිරීම සඳහා අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලික් රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අoක 1090 සිනෝ ලංකා කුළුණ තුල ආරම්භ කොට නඩත්තු කිරීම සඳහා මෙම වසර සඳහා මිලියන 469කුත් සoවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන123 කුත් එකතුව රුපියල් මිලියන 592 මුදල් අමාත්‍යාංශයේ අය වැය දෙපාර්තමේන්තුවේ හදිසි අවශ්‍යතා සඳහා ඇති ගිණුම මගින් නිදහස් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කොට ඇත.

එහෙත් මෙම අමාත්‍යාංශය ගැසට් කොට මාස 8ක් ගතවී ඇතත් ප්‍රාදේශිය සoවර්ධන අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ දක්නට ලැබෙනුයේ අමාත්‍යවරයා සහ ලේකම් වරයාගේ නම් වලට අමතරව අමාත්‍යාංශයේ අරමුණ හා දැක්ම වෙනුවට අමාත්‍ය මණ්ඩල කාර්යාලය අරමුණ හා දැක්ම විශේෂත්වයකි.

16 views

15 Comments to “ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…”

  1. Nareen says:

    APPE,Kaju adadha. Kosatada? Mewwa janathaavata gahana badu mudal.

  2. Gon Ranja says:

    Kalaweddo mechchara gananda ???????????

  3. පුර වැසියා says:

    ඇමතිලා හැට හුට හමාරක් නඩත්තු කරනා ජනතාවට මිලියන 469 ක් ගෙවා කිසිම වැඩකට නැති ගොඩනැගිල්ලක් හා රටට ගමට වැඩක් නැති අනුන්ගේ කටු ලෙවකන පංචස්කන්ධයකුත් නඩත්තු කරන්නට සිදුවී ඇත​.ඉඳ හිට ගුහාවෙන් එලියට පැන වෛරයේ බිජුවට වපුරා රටම ගඳ ගස්වා නැවත ගුහාවට රිංගනවාට මෙතරම් මුදලක් ගෙවන්නට රටේ ජනයාට සිදුවීම අතීශය කණගාටුදායක සිදුවීමකි.යහපාලනය මෙතෙක් ඇඟට දැනෙන වැඩක් රටට සිදු කර නැත​.සාක්කුවට දැනෙන්නට පමණක් නොව එය අසුරු සැනින් හිස් කරන්නට නම් ඔව්හු සමත් වී ඇත​.වැට් බද්ද ගෙවන්නට බැරි නම් දුරකථන වසා දමාපල්ලා කියා දත් හැලෙන්නට ලංවී ඇති ඇමතියෙක් පසුගියදා කිසිදු විලි ලජ්ජාවකින් තොරව පැවසීය​.ජනතාව ඩිජිටල් කරන්නට වලි කන උන්ම එසේ පවසද්දී උන් එකෙක් වෙනුවෙන් දුරකථන දෙකක් අපි නඩත්තු කරන්නෙමු.වල් ඌරන් කැකුණ තලනා විට හබන් කුකුලන්ට ජය මගුල් බව පැරැන්නෝ කීහ​.සිංහලයින් යැයි කියාගන්නා සිංහ හම පොරවා ගත් හිවලුන් දෙපිලට බෙදී උනුනට දොස් පවරා ගනිති.ඒවාට උත්තේජන සපයන්නට පරාජිත වෙල් විදානේලා ජනතා මුදලින් නඩත්තු වෙමින් කිසිදා නොදිලෙන තරු පැලඳ අමු හෙලුවෙන් කඩේ යති.බෙදුම්වාදීහු උන්ගේ අරමුණුු ඉටු කර ගැන්මට සම​-හරක් මෝඩ සිහලුන් මෙවලම් ලෙස භාවිතා කරති.රටේ ඒකීය භාවය හා රට බේරා ගත් රණ විරුවන් ගැන කථා කරන උන් ජාතිවාදියෝය​.එය සහජීවනයට හා සංහිඳියාවට කරන බාධාවක් බව කියන්නේ දවල් මිගෙල් රෑ දනියෙල්ලාය.රටේ යුද්ධය නිමා කරන්නට සේනාධිනායකයා ලෙස හිටපු ජනාධිපති දේශපාළණ නායකත්වය සැපයීම නිසා කොටි ඩයස් පෝරාවේ වෛරයට ඔහු ලක්ව ඇත​.මැලේසියානු සිද්ධිය එයට කදිම නිදසුනකි.සටන සැලසුම් කර කළමණාකරණය කල හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බෙදුම්වාදීන්ගේ පරම හතුරා බවට පත්ව ඇත​.රට වැසියනට නිදහස ලබා දුන් ඔහුට අද නිදහසක් නැත​.එසේ තිබියදී ඔවුනට රණ විරුවන් ගැන කථා කරන්නට අයිතියක් නැත කියා වහසි බස් දොඩන්නේ ඔවුන්ගේ විධානයන්ට අනුකූලව යුධ හමුදාව මෙහෙයවූ රටේ හිටපු හමුදාපතිවරයාය​.විධානයන් ගලා ඒමේ ක්‍රමවේදය ඔහු නොදන්නවා උනාට එය හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු පවා හොඳාකාරවම දන්නේය​.ලැබෙන මස් කටුව සූප්පමින් මඩිය තර කර ගන්නා අඳ බාලයින්ගෙන් ජාතියට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක​.

Main News