ෆොන්සේකාගේ බේගලයක් මාට්ටුයි..

September 22, 2017 at 6:29 am | lanka C news
ෆොන්සේකාගේ බේගලයක් මාට්ටුයි..

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

තමන්ට එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසි වාරයට සහභාගි වීමට නොහැකි වුණේ අපේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා වීසා ප්‍රතික්ෂේප වුණු නිසා යැයි ඇමති ෆොන්සේකා රටට පවසා තිබෙනවා. මේක තමන්ගේ නම්බුව බේරා ගැනීමටත් රණවිරුවන්ට අපහාස කිරීමටත් ඇමති ෆොන්සේකා ගෙතූ බොරුවක්.

එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටු වීමේ එක් ප්‍රබල කොන්දේසියක් තමයි සියළුම සාමාජික රටවල නියෝජිතයින්ට එක්සත් ජාතින්ගේ සැසි වාරයන්ට සහභාගි වීමට කොන්දේසි විරහිතව වීසා නිකුත් කිරීම. එක්සත් ජාතින්ගේ වීසා ඇමෙරිකානු වීසා වලින් වෙනස්. ඒ වීසා වලින් සංචාරය කළ හැක්කේ නිව්යෝර්ක් නගරයේ පමණයි.

මේ කොන්දේසියට ගරු කරලා මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ යුද අපරාධ පිලිබඳ බරපතල චෝදනා එල්ල වුණු පොල් පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග්‍ර ඇමෙරිකානු විරෝධින් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්ත්‍රෝටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමතිතුමාට විතරක් වීසා නොලැබුණේ ඇයි?

ෆොන්සේකා ඇමතිතුමාට වීසා ප්‍රතික්ෂේප කිරීමක් ඇත්තටම සිදු වෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. මේ යෝධයා මහ සංඝ රත්නයට බැන බැන ඉන්න අතරේ මම මෙයාව ඇමෙරිකාවේ අර ගෙන ගියොත් මම හාමුදුරුවන්ට බනින නිසා තෑග්ගට ඇමෙරිකාවේ අරන් ගියා කියලා සිතාවි කියලා ජනාධිපතිතුමා ෆොන්සේකා ඇමතිතුමාව සිය නිල ධූත පිරිසෙන් ඉවත් කළා. කෙටියෙන් කිව්වොත් හැලුවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ.

– අරවින්ද අතුකෝරල

4 views

9 Comments to “ෆොන්සේකාගේ බේගලයක් මාට්ටුයි..”

  1. Christopher says:

    Well said, Udhaya. You’re absolutely correct!

  2. navin says:

    ගෙම්බා වාගෙ මජරයෙක් නෙවේ SF,කොන්දක් තියෙන දේශපාලන යක් කරන ඇත්ත කතා කරන්නට බය නැති අයෙක්

  3. Kings says:

    එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හිතන්න ඇති පිස්සු හැදුනු කලවැද්දො එහෙ ගිහිල්ල තවත් පිස්සු නටයි කියල. ඒ නිසා වීස දීල නැහැ.

  4. prasanna says:

    Well said. that is the real truth of the fact.

  5. Ryan says:

    Spot on, Udaya

  6. බබා උක්කුන් says:

    මේ සතාව බැදලා දාන්න පුළුවන් එකෙක් මේ යමපාලනේ නැද්ද?
    කොහෙද එකට කොන්ද නැහැ, දෙකට මොකුත් නෑ අන්තිමට අපිට රට නෑ.

Main News