ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්නැයි එජාපයෙන් ඉල්ලීමක් නෑ.. එජාප හිතවාදීන් අගමැති හෑල්ලූ කරනවා..- ශ‍්‍රීලනිපය කියයි..

February 26, 2018 at 6:25 am | lanka C news
ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්නැයි එජාපයෙන් ඉල්ලීමක් නෑ.. එජාප හිතවාදීන් අගමැති හෑල්ලූ කරනවා..- ශ‍්‍රීලනිපය කියයි..

නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් නොවූ බව ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට අන්තර්ජාල මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල ඔහු අගමැතිවරයාට එල ලබා දීම අමතර බරක් යයි එල්ල වන චෝදනාද බැහැර කරයි.

එවන් ප‍්‍රකාශ මගින් කියන්නේ අගමැතිවරයාට අමාත්‍යංශ කිහිපයක් එක්ව මෙහෙයවීමට නොහැකි බවදැයි ප‍්‍රශ්න කල ඔහු රටේ නායකත්වයට පත් කිරීමට සූදානම් වන්නේ එවන් පුද්ගලයෙක්දැයි ඇසීය.

කෙසේ වෙතත් ඒ ආකාරයේ වාර්තාවන් මගින් සිදුවන්නේ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි කිරීම බවත් ප‍්‍රකාශකයා කීය.

එසේම දෙසතියක් ඇතුලත එම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේ සිදු නොවන බවද අවධාරණය කලේය.

13 views

10 Comments to “ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්නැයි එජාපයෙන් ඉල්ලීමක් නෑ.. එජාප හිතවාදීන් අගමැති හෑල්ලූ කරනවා..- ශ‍්‍රීලනිපය කියයි..”

  1. මල්ලි says:

    ඕක පැය 24කට දෙන්න තිබ්බේ පොන්නසේකට
    එතකොට ඔය හොර ජයසුන්දරය අස් වෙනවනේ. එතකොට ස්වාධීන පොලිසියක් කියල හිතන්නවත් තිබ්බ.. දැන් තියෙන්නේ UNP පොලිසියක්නේ

    • සුදේශ් says:

      යකෝ එතකොට අගමැති වික්කා ගේ ප්‍රතිරූපය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ මිනිහගේ ප්‍රතිරූපය නගා සිටුවන්නේ ශ්‍රීලනිපෙ එවුන්ද ?

    • kadiya says:

      ක බොරුපති හෝ බැංකු හොරා කවදාවත් කලවැද්දට දෙන්නේ නැහැ. ඔය පිස්සා ඊට පස්සේ උන්ටවත් කොන්ට්‍රෝල් නැතිව මොන මලදානයක් කරාවිද කියන සැකය මහඋන් දෙන්නටම තියනවා.

  2. Nandasoma Suriyaarachchi says:

    දැන් ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වී ඇත…..

    හැමදාම කැබිනට් සංශෝධන කරමින් අනෙකුත් සියලුම ප්‍රශ්ණ අමතක කිරීමට සිරිසේනට සිදු වනවා ඇත…

    මෙය සැබෑ ගැටලුව අමතක කර දැමීමකි…. නැතහොත් අවබෝධයක් නැති බවකි….

    ජනතාව සිරිසේනගේ දේශපාලන පාවාදීම මුලුමනින්ම ප්‍රතික්ශේප කොට ඇත….
    යූ ඇන් පී යේ ප්‍රතිපත්තිද ප්‍රතික්ශේප කොට ඇත….
    වහාම මහා මැතිවරණයක් කැඳවීමෙන් තොර විසඳුමක් නැත…

    • victor says:

      sahathika aththa !

    • බන්ඩා says:

      අද වෙන කොට රටට හෙනහුරා පාත් වෙලා බව නොදන්නෙ අමු මෝඩයො පමනය්. රට පත් වෙලා තියන අස්තාවරත්වයට සිරිසේන සහ රනිල් දෙදනාම වග කිව යුතුය්. ජනාධිපති වසර පහකට චන්දෙන් පත් උන නිසා 2020 තෙක් ඔහු පන්නන්න බැහැ. නමුත් රනිල්ට සරල බහුතරය වත් නැහැ. එ්නිසා රට ගොඩ ගැනීමට නම් අැමති කුට්ටම මාරු කරල වැඩක් නැහැ. රනිල් අගමැති කමෙන් පැන්නීය යුතුය්. බටහිරයන්ට බය ඉන්දියානුවන්ට බය සිරිසේන එ්ක කොරන්නෙ නැහැ.
      රට අස්ථාවර නෙවෙය් රටට කෙල උනත් 19A අනුව සිරිසේනට තමන්ගෙ ඉතිරි ධූර කාලය තුල පාර්ලිමේන්තුව විසිරවන්න බැහැ. ඒකාබද්ධයට මහ මැතිවරණයක් ඔිනැ කිව්වට අවශ්‍ය 2/3 හදා ගන්න බැහැ. මංත්‍රි බහුතරය චන්දෙකට යන්න අකමැතිය්. ඉතින් රනිල් හෝ සිරිපාල හෝ කවුරැන් හෝ විසින් රට කල යුතුය්. අාණ්ඩුවක් හැදිය යුතුය්. TNA සහ JVP අැමති කම් නම් ගන්නෙ නැහැ යටින් රනිල්ට සහය දෙය්. ඉතින් සිරිසේනට ‘(ප)ජාතික’ අාණ්ඩු දිගටම අටවන්න වෙනවා. රනිල්ගෙ ගෝලයො කැපුවත් කොල උන් අන්දන්න තනි යූඑන්පී අාණ්ඩු ගැන බය්ලා කියනවා.
      ඉතින් කුන්ඩවාලි අැමති කටු කර ගහන්නෙ නැතිව සිරිපාල අගමැති කොරන්න අවශ්‍ය සහාය මහින්ද දිය යුතුය යන්නය් මගෙත් අදහස.

  3. duminda says:

    gonn poraya saha amathi poraya

  4. gamarala says:

    විශ්‍රාම වයස පහුවුනත් අපිට සේවය කරන කට්ටිය සහ වයස පහත දැක්වේ ..මනුස්සයා හොඳ වුනත් අනිකුත් රජයේ සේවකයන් මෙන් පෙන්ෂන් යා යුතුය …ජනතා සේවයට තදබල කැමැත්තක් ඇත්නම් වැටුප් නොලබා අනුශාසක ධුර උපදෙස් ලබා දිය හැක .

    Cabinet Ministers
    ———————————
    Maithreepala Sirisena 66
    Ranil Wickramasinghe 68
    Sarath Amunugama 78
    John Amarathunga 77
    Jayawickrema Perera 77
    W.D.J. Seneviratne 77
    Thilak Marapana 76
    Nimal Siripala 73
    S.B. Navinne 72
    D.M. Swaminathan 72
    Lakshman Kiriella 70
    Malik Samarawickrema 68
    Rajitha Senaratne 67
    Sarath Fonseka 67
    S.B. Dissanayake 66
    Susil Premajayantha 63
    Ranjith M. Bandara 63
    Mahinda Samarasinghe 62
    Mangala Samaraweera 61
    M.H.A. Haleem 61
    Vijayamuni Zoysa 60

    Joint Opposition
    ———————————
    Mahinda Rajapaksha 72
    Basil Rajapaksha 70
    Gotabhaya Rajapaksha 68
    Gamini Lokuge 69
    Dinesh Gunawardana 68
    G.L. Peries 71
    Bandula Gunawardana 64

    Opposition Party leader
    ———————————
    R. Sampanthan 85

    Election Commissioner
    ———————————
    Mahinda Deshapriya 62

  5. Raawanaa says:

    ara horakam karapu hema ekaatama kiyamu, horakam karapu salli yodawala wahaama maha methiwaranayak
    kendawanna kiyala. ethakota mahajanayage miudal ithiri wenawane.munta awashya methiwarana misa rata hadanna noweyi.

Main News