ෆොන්සේකා අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. අරගලකරුවන්ට පක්‍ෂ වන්නැයි ඔහු හමුදාවට දන්වලා..

August 11, 2022 at 10:02 pm | lanka C news
ෆොන්සේකා අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. අරගලකරුවන්ට පක්‍ෂ වන්නැයි ඔහු හමුදාවට දන්වලා..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගතයුතු බවට ණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර රටේ සාමය සහ නීතිය හා සාමය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කිරීමටද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ.

ජනාධිපති මන්දිරය වැනි රටේ පාලන මර්මස්ථාන අරගලකරුවන් අත්පත් කර ගැනීමේ ප්‍රධාන වලකිව යුත්තා වෙන කිසිවෙකු නොව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එම හමුවේදී පෙන්වා දී ඇත.

අන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පෙර සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩාවදින්නට පෙර සරත් ෆොන්සේකා මහතා විසින් අරගලකරුවන්ට වෙඩි නොතබන ලෙස යුද හමුදාවට දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

සරත් ෆොන්සේකා ගේ එම මැදිහත්වීම මත මෙතරම් විනාශයක් රටට වු බවත් ඒ නිසා ෆොන්සේකාව වහා අත්අඩංගුවට බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දී ඇත.

190,698 views

32 Comments to “ෆොන්සේකා අත්අඩංගුවට ගන්නැයි දන්වයි.. අරගලකරුවන්ට පක්‍ෂ වන්නැයි ඔහු හමුදාවට දන්වලා..”

  1. Prasad Jayakody says:

    සරත් ෆොන්සෙකා වගේ කෙලින් තීරන ගන්න කෙනෙකු තමයි මේ වගෙ හොරු ඉන්න රටකට ඔනේ

  2. Ma says:

    Very good commander. But a lousy, dirty, 3rd grade politician. He will ruin Sri Lanka. If he continues this way strip him off his Field Marshal post.

  3. Sarath Jb Rajaguru says:

    Take into the custody those pohottu MPs for pror
    Texting corrupt Rajapakse’ s & ranil.

Main News