ෆොන්සේකා කොටි හුරතලෙක්.. ඔහුගේ ප‍්‍රකාශයෙන් සමස්ථ රණවිරුවන් අනතුරේ..

September 7, 2017 at 4:40 pm | lanka C news
ෆොන්සේකා කොටි හුරතලෙක්.. ඔහුගේ ප‍්‍රකාශයෙන් සමස්ථ රණවිරුවන් අනතුරේ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘හිටපු හමුදාපතිවරයෙක්ද වන සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය හරහා එවකට හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සිට යුධ හමුදාවට අණ දුන් සරත් ෆොන්සේකා මහතාද ඇතුළුව සමස්ථ රණවිරු ප්‍රජාවම අනතුරේ. මේ ප්‍රකාශය හරහා අපේ රට අපකීර්තියට පත්වුනා. රණවිරුවන්ට වෙනත් රටකට යාමට වීසා ලබාගැනිමට පවා නොහැකි වෙනවා. දැනටමත් වෙන රටවල සිටින රණ විරුවන්ගේ ජීවිත අවදානමකට ලක්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන්න ජාත්‍යන්තරයට අවශ්‍ය සාක්ෂියක් වෙනවා.

වසර අටහමාරක් තිස්සේ ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කලත් ක්‍රිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුනේ ඒ සඳහා ලංකාවට එරෙහිව සාක්ෂියක් නොමැති නිසයි. අපේ යුද්ධය ඇමරිකාව විසින් අවසාන මාස තුනේදි චන්ද්‍රිකා යොදාගනිමින් සමීපව නිරීක්ෂණය කළා. සිදුවු හැම ක්‍රියාවකම ඡයාරූප ඒ ගොල්ලෝ ගාව තියෙනවා.ඒ නිසා අපි අභියෝග කලා හතලිස් දහසක් පමණ සමුහ වශයෙන් මියගියානම් යුද්ධයේ අවසන් කාලයේ ඒවාගේ ඡායාරෑප පෙන්වන්න කියලා. නැතිනම් එසේ මිය ගිය පුද්ගලයන්ගේ නාමලේඛණයක් ඉදිරිපත් කරන්න කියලා. නමුත් එසේ ඉදිරිපත්කර ගන්න බැරුව අසරනව ඉද්දී තමයි දෙමල බෙදුම් වාදීන් සහ ජාත්‍යන්තරය බේරාගන්න ෆොන්සේකා එන්නේ.

හමුදාවේ යුධ සමයේ නායකයා කියනවා නම් ඔවු අපේ හමුදාව යුධ අපරාද කළා කියලා ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රි ලංකාවට දඩුවම් කිරීමට සාක්ෂි සොයමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. මොකද යමෙක් පිළිගත් කරුණු ඔප්පු කිරීම අනවශ්‍යයි කියලා ප්‍රධාන නීති සංකල්පයක් තියෙනවා. මේ නිසා කොටි සංවිධානයේ අසහය වීරයා බවට සරත් ෆොන්සේකා මහතා පත්වෙනවා. මෙවන් යුධ හමුදාපතිවරයෙක් ගැන සමස්ථ ලෝක ඉතිහාසයේ කිසිම රටකින් වාර්ථාවෙන් නෑ. ද්‍රෝහීන් ලෝක ඉතිහාසය පුරාම හිටියත් සරත් ෆොන්සේකා වැනි ද්‍රෝහියෙක් කවරදාකවත් වාර්තාවෙන් නෑ. මොහු ජාතියේ පවට උපන් පුද්ගලයෙක් විදිහටයි අපි දකින්නේ.

හිටපු කොටි නායකයෙක් වන කරුණා අම්මාන් අපේ රණවිරුවන් යුධ අපරාධ කලේ නෑ කියද්දී හමුදාපතිවරයා නෑ නෑ අපේ අය යුධ අපරාධකලා තමයි කියද්දි මොකක්ද ඇතිවෙන තත්වය. ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී ලංකාව රැකීමට ආ චීනය රුසියාව කියුබාව සහ මුස්ලිම් රටවල් බහුතරයක් ඒ වගේම තුන්වන ලෝකයේ රටවල් අතිවිශාල ගණනක් මේ නිසා අසීරූතාවයට පත්වෙනවා නේද?

වත්මන් හමුදාපති මහේෂ් සේනානායක මහතා කියනවා ජගත් ජයසූරිය හිටපු හමුදාපතිතුමන් තමන්ව සේවයෙන් පහකලා. මම එය අසාධාරණයක් ලෙස දකිනවා. නමුත් මම එතුමන්ට එරෙහිව චෝදනා නගන් නෑ. මොකද ජගත් ජයසුරිය මහතාට ගහන්න ගියොත් රිදෙන්නේ හමුදාවට. ඒ නිසා මම නිහඩව ඒ තීන්දුව බාරගත්තා කියලා. මම හිතන්නේ සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් ‍ලෙස සලකන වත්මන් හමුදාපතිතුමන්ගේ ඒ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහතාටත් ලොකු පාඩමක්.

අපට 2009 ආව යුද අපරාද චෝදනා වලිය පරාජය වුනා. 2010 ෆොන්සේකා මහතාගේ සුදු කොඩි කතාවෙන් පස්සේ ගෙනා චෝදනා තමයි සම්මත වෙන්න ගත්තේ. ඒ නිසා තමන්ගේ ප්‍රකාශ නිසා රටට වන හානිය දැක දැක දිගින් දිගටම මේ ප්‍රකාශ සරත් ෆොන්සේකා මහතා කරන්නේ අත් වැරද්දකින් වෙන්න බෑ. පෞද්ගලික කෝන්තරයක් නිසා වෙන්නත් බෑ. ඔහු දෙමල කොටි සංවිධානයෙන් නඩත්තු වෙන පුද්ගලයෙක් විය යුතුමයි.

ප්‍රාදේශිය සභාවට පත්වෙන්න ඡන්ද ගන්න බැරි ෆොන්සේකා වැනි පුද්ගලයෙක්ට පිං ඇමිති ධුරයක් දීලා ජනතාවටයි මේ ආණ්ඩුව මුලින් සරදම් කලේ. දැන් ඒ ඇමිතිධුරයේ බලය පාවිච්චි කරමින් තමයි මේ මාධ්‍යය හරහා මෙවැනි ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව තව දුරටත් සරත් ෆොන්සේකා මහතා සුරතල් කරනවා නම් දෙවරක් ඔහුව ප්‍රතික්ෂේප කළ මේ රටේ ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා. එසේ කරනතුරුද මේ කොටි සුරතලාව සුරතල් කරන්නේ කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා’

– අරවින්ද අතුකෝරල

46 views
Main News