ෆොන්සේකා ජනපතිට බැණ වැදීමෙන් ශ‍්‍රීලනිපය කිපේ.. ඇමති කමෙන් එලවන්නැයි ජනපතිට දන්වයි..

May 8, 2018 at 9:20 am | lanka C news
ෆොන්සේකා ජනපතිට බැණ වැදීමෙන් ශ‍්‍රීලනිපය කිපේ.. ඇමති කමෙන් එලවන්නැයි ජනපතිට දන්වයි..

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දරනු ලබන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද මැයි රැුළියේදී ඇමති ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එජාප හිටපු සභාපති ඇමති මලික් සමරවික‍්‍රමද මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඔහු ඒ පිලිබදව සිය කණගාටුව පල කර ඇත.

සරත් ෆොන්සේකා මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් ජනාධීපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක් යයි ඇමති ෆොන්සේකා විසින් කරන ලද කතාවට එජාපයේම බොහෝ පිරිසක් විරෝධය පල කර ඇති බවද පැවසෙයි.

147 views