ෆොන්සේකා ජනපතිට බැණ වැදීමෙන් ශ‍්‍රීලනිපය කිපේ.. ඇමති කමෙන් එලවන්නැයි ජනපතිට දන්වයි..

May 8, 2018 at 9:20 am | lanka C news
ෆොන්සේකා ජනපතිට බැණ වැදීමෙන් ශ‍්‍රීලනිපය කිපේ.. ඇමති කමෙන් එලවන්නැයි ජනපතිට දන්වයි..

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දරනු ලබන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද මැයි රැුළියේදී ඇමති ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම නිසා මෙම ඉල්ලීම කර තිබේ.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එජාප හිටපු සභාපති ඇමති මලික් සමරවික‍්‍රමද මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඔහු ඒ පිලිබදව සිය කණගාටුව පල කර ඇත.

සරත් ෆොන්සේකා මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් ජනාධීපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක් යයි ඇමති ෆොන්සේකා විසින් කරන ලද කතාවට එජාපයේම බොහෝ පිරිසක් විරෝධය පල කර ඇති බවද පැවසෙයි.

121 views

14 Comments to “ෆොන්සේකා ජනපතිට බැණ වැදීමෙන් ශ‍්‍රීලනිපය කිපේ.. ඇමති කමෙන් එලවන්නැයි ජනපතිට දන්වයි..”

  1. රාහුල කොලුවා says:

    සඡිත් මහත්තයගේ තාත්තා ඡනාධිපතිකම් කරන දවස්වල ඔය වගේ කතාවක් ඇමති කෙනෙක් කලා නං බලා ගන්න තිබ්බා ඇක්ෂන් ගන්න කොච්චර පරක්කු වෙනවද කියලා… මතකනේ අර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැස්ටර්න් ට කරපු වැඩේ…

  2. Pedro says:

    SO, TRANSFER THE PRESIDENCY POST TO K A L A W E D D A.

  3. Pachaya says:

    It’s interest of UNP and future leaders like sajith P, to sideline SF before it’s too late.

  4. කලවැද්දා පන්නෑ දමව්. says:

    කලවැද්දා පන්නෑ දමව් කිව්වට හුටන්ට පන නැත.

    • Pina says:

      එහෙම කියන්න එපා. අපේ ලොක්කට තරහ ගියොත් ඔය කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඉන්න උන් ට ගහන්නේ මඩු වලිගෙන්. නැත්නම් කපලම දානවා කඩුව වනල.

  5. සීගිරි says:

    හැම දේශපාඵවගෙම මොළේ නරක් වේලා ….දැන් උන් උන් කා කොටා ගන්නවා…

  6. simion says:

    එලවාවි..එලවාවි..මේං කියලා….බලාගෙන හිටපල්ලා….

  7. M.G.G. Fernando says:

    Kathawanam aththa.

  8. Bull Marshal says:

    Maaluwa nahinne kata nisalu. Kata nisa eka paarak hireth giya amathaka welada koheda. Habai monawa kiyuwath, kopamana bannath amathikamata mokuth wenne naha.

  9. Open mind says:

    ඩිලාන් ගෙන් පටන් ගෙන 16 න් අහවර කරමු

  10. දුමින්ද දිසනායක says:

    ජනපති තුමනි, බලන් කඩතුරා හැර දෑසේ!

Main News