ෆොන්සේකා ජනාධිපතිකම ඉල්ලයි..

April 9, 2022 at 4:40 pm | lanka C news
ෆොන්සේකා ජනාධිපතිකම ඉල්ලයි..

සමගි ජන බලවේගයට ආණ්ඩුව ලබා දෙන්නේ නම් ජනාධිපති ධූරය සමගම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ මෙය තමන්ගේ පෞද්ගලික මතය බවයි.

ආණ්ඩුව භාර ගන්නේ නම් ජනාධිපතිධුරය සහිත ආණ්ඩුවක් භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.

පළාත් සභා ව්‍යවස්ථානුකූලව පවතින තත්ත්වයක් යටතේ ජනාධිපති ධුරයක් රටට තිබිය යුතු බවද හෙතෙම පැවසීය.

එනිසා පවතින අර්බුදය විසඳන්න බැඳී සිටින පිරිස ඉතා ඥානාන්විත ව වැඩ කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

195,954 views

38 Comments to “ෆොන්සේකා ජනාධිපතිකම ඉල්ලයි..”

  1. Devaka says:

    සජිය මේ සැරෙත් අනාගන්නව දැන් සජිත්ට අමතරව ජනාධිපති අපේක්ශකයෝ ගොඩයි. පොන්සේක චම්පික දැන් හර්ශත් ඇවිත්. ගිය වතාවේ රනිල් සජිත්ගෙ කකුලෙන් ඇදල පරාජය කලා. මේ වතාවෙත් රනිල් හරින් දාල පක්ශය කඩන්ඩ යන්නේ. දැන් හරින් කියනව හර්ශට ජනාධිපති කරන්ඩලු දැන් ඕක ඔලුවට වැටිල හර්ශ ජනාධිපති වෙන්ඩ බලාගෙන ඉන්නේ .හර්ශ වගේ උග්‍ර බෝන් එගේන් ආගම අදහන පුද්ගලයෙකුට ජනාධිපති දූරය දීමට ජනතාව කැමති නෑ. පේනවනේ බෝන් එගේන් කාරයෝ දාගෙන ක්‍රිකට් වලට කරල තිබෙන අපරාධය . අද බෞද්ධයෙකුට ටීම් එකේ ඉන්ඩ හැකියාවක් නෑ. මේවට නාමල් වගකියන්ඩ ඕනෑ .සජිත් මුලින්ම පක්ශය එකමුතු කරන්ඩ ඕනෑ .හරින් ප්‍රනන්දු මනුෂ වගේ දෙපැත්තකන හල්පාරුවෝ පන්න දමන්ඩ ඕනෑ. නයකත්වයට අබියෝග කරන සියල්ල පන්නා දැමිය යුතුයි. ජේ ආර් මුලින්ම කලේ ජේ ආර්ට අභියෝග කරන සියලුම දෙනා පන්න දැමීම නායකත්වයට අභියෝග කල රුක්මන් සේනානායක පස්සට පයින් ගහල එලෙව්වේ. අන්තිමට ජේ ආර් ඉතිහාසයේ නොවූ විරූ ජය ග්‍රහණයක් ලැබුව. නායකත්වයට අභියෝග කල ඩඩ්ලි සේනානායක නාති පුත්‍රයෙක් උන රුක්මන්ට ඇපෙත් ඇති උනා .සරත් පොන්සේක නායකත්වය ilලනවනම් එතුමාට වෙනම පක්ශයකින් තරග කල හැකියි .

    • ඇයි දවසටබිත්තර 10 ඔම්ලට කන්නද. කෝප්ප‍රල් යකන්දාවල රනවිරුවෙක් කියනකන් නැත සින්හාසන උබට

      • Senavi says:

        Puthano horakam karapuwa allanna kauda
        Sajithage paksikayo onatharam HORU innawa mun okkoma horu..
        Horu elawala horu genna NADA ubala hadanne

    • අරුණ කුමාර says:

      දැන් මේ කාටද උපදෙස් දෙන්නෙ දේවක මහත්තය? ඔච්චර ඉල්ලනව නම් ඔන්න ඔහේ දිල දැම්මම මොකද?

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      එහෙනම් මටත් ඕනෙ ජනාධිපති වෙන්න.

  2. ජනජය says:

    හා.. තව කාට හරි ජනාධිපති කම ඕන්නං අටපට්ටමට කියන්න…!

  3. Nish says:

    මරු ප්‍රජාත්‍රන්තවාදය ඒක. එහෙනම් මටත් ඕනෙ ජනාධිපති වෙන්න.

  4. Dissanayake says:

    Fonseka is not suitable for Presidency as he also none other than Gota we need a person with serious vision and simple. I would like to ask Fonseka How India is running the federal system without
    executive president. India’s estates are Moro powerful than our provincial councils. Also Canada and UK. All Sri Lankan now tasted the flavour of presidency and all are voiced together to scrapp this eval system. Fonseka is running against the wave. Sorry to this fool.

    • John the baptice says:

      100% agree …

    • CAT says:

      Fonseka is a swindler who does anything wrong for his own benefit,He is a cynic who tried to make our war heroes criminals because of his white flag story of greed for political power..Please say goodbye to politics

    • Earl says:

      Stupid. Indian federal system is stable due to majority mindset of indians. Whether Tamil or hindu, they dont cheat their motherland 99%. In Sri Lanka its different my dear wisemen. In north, part of Tamils think their motherland is India. Another part thinks they are genuine Sri Lankan Tamils and inherits all land of tamils. They feel other tamils are low cast and should be slaves. Sinhalese are divided by religion and political party. Almost 30-40$% of sinhalese are having this mindset and work for the relevant authority only. So therefore, there is ultra high risk of separation through a federal system. The only key to stability is executive presidency.

  5. අයියෝ ලංකා....කොඩිය පිට උඩ තමා..පෙලපාලි කාරයෝය බර ඇද්ද විතරයි. says:

    අයියෝ ලංකා….කොඩිය පිට උඩ තමා..පෙලපාලි කාරයෝ බර ඇද්ද විතරයි.අන්තිමට ආඩි හත් දෙනාගේ කැද හැළියට වූණූ දේ විතරයි. අයියෝ ලංකා.

  6. LalithM says:

    හිකනල්ලු කැනහිලුන් ෆාම් එකක් දාන්න වෙයි වගේ…..

  7. Nalin says:

    සිව් හෙළයේ නිදහස් සටනට නියත ජය,.,Be realistic man, what you say all true but tell once Gota goes who do you want replace him with? Ranil/Sajith/Anura/Hakeem? So first find the replacement & THEN tell go home Gota.

  8. On The Spot says:

    පළාත් සභා ව්‍යවස්ථානුකූලව පවතින තත්ත්වයක් යටතේ ජනාධිපති ධුරයක් රටට තිබිය යුතු බවද හෙතෙම පැවසීය.අපි මේ වාක්‍ය ඛණ්ඩය පමණක් අනුමත කරනව​.ෆොන්සේකගෙ කථාව හරියට හරි.විස්ස අහෝසි කරල ජනාධිපතිගෙ තටු කපල දහනමය ගෙනාවොත් මොකා ජනාධිපති උනත් පළාත් සභාවල ඉන්න මහ ඇමතියො (විශේෂයෙන් උතුරු පළාත් සභාවෙ)පළාත් ආණ්ඩු ප්‍රකාශයට පත් කරනව​. බලතල තිබිලත් ප්‍රේමදාස ජනාධිපතිගෙ කාලෙ වර්ධරාජා පෙරුමාල් කලෙත් ඕක​.ඒක දැන් ප්‍රේමදාසගෙ අතිජාත පුත්‍රයට මතක නැහැ,නැත්නම් මොලේ නැහැ.ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නෙ වර්ධරාජට ගහන්න​.සතුරාගේ සතුරා මිතුරා කරගෙන අනිතිමට ප්‍රේමදාස මහ පාරෙ මලා.ඒකත් දැන් ප්‍රේමදාසගෙ අතිජාත පුත්‍රයට මතක නැහැ.දහනමය ගේනව නම් දහතුන අහෝසි කර පළාත් සභා සුදු අලියව කැලේට දක්කන්න වෙනව​.ඒක කරන්න ඉන්දියාව ඉඩ දෙන්නෙ නැහැ,තිත්ත උනත් ඇත්ත එයයි.අනුර කුමාර ඒක දැනගෙනත් නොදන්න තොත්ත බබා වගේ විධායකය අහෝසි කරන්න පාරම් බානව​.එහෙම කරන්නෙ ජනතාවට මෝඩ චූන් එකක් දෙන්න​.කවුරු පාලනය භාර ගත්තත් විධායකය අහෝසි කලොත් උතුරු නැගෙනහිර වෙන් කර ගන්න ඉන්දියාව උදව් කරන එක වලක්වන්න ඔය කිසිම කයිවාරුකාරයෙකුට හැකි වන්නෙ නැහැ.

  9. කිරිහාමි says:

    Go home gota කියලා ලංකාවේ මෝඩයෝ ටික පාරට බස්සලා මුං ටික ජනාධිපති කමට මරා ගන්නවා 🤣🤣

  10. David says:

    Gota Go home!
    225 Go home!
    Fonseka you belong to 225. You do not need special instructions either.

Main News