ෆොන්සේකා සමග සාකච්චා ජනපති අවලංගු කරයි.. කියූ කතාවලට එරෙහිව දැඩි තින්දුවක් ගන්න යයි..

October 2, 2018 at 2:10 pm | lanka C news
ෆොන්සේකා සමග සාකච්චා ජනපති අවලංගු කරයි.. කියූ කතාවලට එරෙහිව දැඩි තින්දුවක් ගන්න යයි..

ඇමති ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්චා පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දිනවලදී ඇමතිවරයා විසිප් ජනාධිපතිවරයා විවේචනය කිරීම ගැන ගන්නා ක‍්‍රියාමාර්ග ගැන එහිදී සාකච්චා කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතා සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්චාවක් අලි වැට දින නියමයක් නැතිව කල් දමා ඇත.

යුද්දයේ අන්තිම සති දෙක තුල කොටි ප‍්‍රහාල එල්ල වේ යයි හිටපු ජනපති, හිටපු අගමැති, හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු හමුදාපති රටින් පිට වූයේ යයි ජනාධිපතිවරයා නිවුයෝක්හිදී කරන ලද ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති සරත් ෆොන්සේකා අවස්ථා කිහිපයකදීම දරුණු ලෙස ප‍්‍රතිචාර දැක්වීය.

103 views

13 Comments to “ෆොන්සේකා සමග සාකච්චා ජනපති අවලංගු කරයි.. කියූ කතාවලට එරෙහිව දැඩි තින්දුවක් ගන්න යයි..”

  1. Aurora says:

    සරත් ෆොන්සේකා විවිධ අවස්ථාවල මොන මොන කථා කිව්වත් සිරිසේන ඇමෙරිකාවේදී කරනලද කොටි ත්‍රස්තවාදීන් අවසාන කරණලද අවසන් සති දෙක පිළිබඳව සරත් ෆොන්සේකා කල කථාව සත්‍යකි. සිරිසේන ඇමෙරිකාවේදී කරනලද කථාව පට්ටපල් බොරුවක් බවත් සිරිසේන කිව් කිසිවක් සිදුනොවූ බවත් සත්‍ය දන්නා බොහෝ දෙනා සහතික කළහ. මානසික රෝගයකින් පෙලෙන සිරිසේන පිළිබඳව සියළුම දෙනා සත්‍ය පිලිගතයුතුය. සීතාම්බර පට වස්ත්‍රය ඇඳගන හෙළුවෙන් ගිය රජු සත්‍ය දැක නොබියව ප්‍රකාශකළ දරුවා දඬුකඳේ ගහන්න උත්සාහ නොකළ බව සිරිසේනත් ලැජ්ජාවක් නැතිව බොරු කියන බව නොබියව පැවසීමට බිය සැමදෙනත් මතක්කරගත යුතුය.

  2. රුපා says:

    මට හිතෙන්නේ අලුතින් නාටකයක් පටන් අරගෙනද මන්ද කියල . කට්ටිය විමසිල්ලෙන් ඉන්න හොඳේ

    • හිච්චිමහත්තෙයා says:

      මෙයැයිල දෙන්නම තුට්ටු දෙක් කොමිට් නාට්ටියකට මිසක් සීරියස් නාට්ටියක් කොලොත් කලවැද්දො උගුඩුවො තමයි බලන්න එන්නෙ ඕයි!

Main News