ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි..- චන්ද්‍රිකාට සැක සිතේ..

May 19, 2018 at 2:10 pm | lanka C news
ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි..- චන්ද්‍රිකාට සැක සිතේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පානදුරේදී පැවති උත්සවයක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

රනිල් වික්‍රමසිංහලා කොටි සංවිධානය සමඟ ගිවිසුම් ගහලා, විදේශ සාම නියෝජිතයෝ මේ රට ඇතුළට රිංගලා තිබිය දී තමයි 2005 ජනාධිපතිවරණය ආවේ. ඒ වන විට අපේ ඇස්පනාපිට වෙනම රාජ්‍යයකට අදාළ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කෙසේ වෙතත් එදා ඒ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය නොකළා නම් අපට අද ‘විජයග්‍රහණයේ සැමරුම’ කියා සාකච්ඡාවක් කිරීමටවත් අවස්ථාවක් උදා වන්නේ නැහැ. වන්නියේ හිටපු වේලුපිල්ලේ පිරබාහරන්ට කතා කරන භාෂාව දැන සිටියේ ගිරුවාපත්තුවේ මැදමුලන උපන් මහින්ද රාජපක්ෂ මිස ප්‍රංශයේ සෝබෝන් සරසවියේ රස්තියාදු ගහපු අම්මණ්ඩිලා හෝ කුරුඳුවත්තේ කුල්ටූර් පැලැන්තියේ පොෂ් මහත්තුරුවත් නොවෙයි.

සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තත් පිරබාහරන්ට එරෙහිව සටන් වැදීමේ අභියෝගය මහින්ද රාජපක්ෂයන් බාරගත්තා. ඒ අනුව තමයි යුද හමුදා ක්‍රියාන්විතවල හිටපු ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම් ධුරය ලැබුණේ. ඒ වගේම විශ්‍රාම යාමට මාසයක් තිබුණු සරත් ෆොන්සේකාට යුද හමුදාපති ධුරය ලැබුණා.

මට මෙතැනදී අතුරු කතාවක් මතක් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා. මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන් දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි. දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ. කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි. සියලු ආරක්‍ෂක ප්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා.

ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.

– අනුරුද්ද බණ්ඩාර

88 views

15 Comments to “ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි..- චන්ද්‍රිකාට සැක සිතේ..”

  1. Kadiya says:

    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා ඇත්තම කලාවැද්දකුගේ මානසික තත්වයෙන් යුත් සරත් ෆොන්සේකා සහ කටයුතු කිරීමත් නියම මහත්වරුන් වූ අනෙක් හමුදාපති වරුන් හා සම්බන්ධීකරණය කිරීමත් මහා අභියෝගයක් වන්නට ඇති. පසු කාලයේ ඇතිවූ තත්වයන් සහ සරත් ෆොන්සේකාගේ සුදු කොඩි මඩ කථාව අනුව තමන්ගේ වෛර පිරිමසා ගැනීම සඳහා හෝ මුදලට ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට හෝ පාවාදීමක් සඳහා හෝ පසුබට නොවන බව ඔහු සනාථ කර ඇත.

    • Wijebahu says:

      Gota kotiyage bomba kala hondatama bayawela innawelawaka thamai SFge age ellila apiwa beraganna kiwwe. Ithin SF Gotawa kotingen beruwa. EkatA karapu upakaraya thamai SFwa hireta adagena Yama.

      • Anymos says:

        පට්ට සීන් එක.කියන්නේ කොටියා ඇවිල්ලා අච්චර වැඩකාරයා වෙච්ච සරත් ෆොන්සේකාගේ office එකටම ඇවිල්ලා බෝම්බයක් කෙලියා. ⁣පේුමදාස වගේ පොරක් හිටියනම් මැරෙන්න අරිනවා. හැබැයි ලෝකේ තියෙන හොදම ප්‍රතිකාර දීලා හොද කරා.

        • Karu says:

          ඇත්ත කතාව ඊට වෙනස්. කෝකියා දමිළ. මේ කාන්තාව දමිළ.කාන්තාව ආවෙ ගියේ මොටද?මේවා කවුරුත් දන්නා රහස්.ෆන්-සේකාගේ බඩ තුවාල වුණේ වෙන වැඩකට ගෙන්නපු ගෑනිගෙන්. ඕන් අපේ හමුදාපති වරු.

          • SS says:

            සම්පූර්න ඇත්ත! මමත් අහල තියෙන තියෙන විදිහට
            කොටි බෝම්බකාරි බඩ වෙන්ඩත් හේතුව හමුදාවෙ ඒ
            කාලෙ හිටපු ඉහලම කෙනෙකුගෙ ගෑනු පෙරේතකම නිසා.

  2. මාතලේ බණ්ඩා says:

    1983 ආරමිභවූ LTTE ත්‍රස්තවාදී යුද්ධය නිමාවන විට ශ්‍රීලංකාවෙි යුධ හමුදාපතිවරැ කීපදෙනෙක්ම එම යුද්ධයට නායකත්වය දුන්නා.සමහර හමුදාපතිවරැ යුද්ධය ජය ගැනීමට අපහසු බව කීවා.

    එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපති හැටියට පත්වී රාජකාරී භාරගත් මුල් දිනයේම ඔහුගෙන් පසුව පත්වෙන කිසිදු හමුදාපති වරයෙකුට ඉදිරියට මෙම යුද්ධය ඉතිරි නොකරන බවට එඩිතර ප්‍රකාශයක් කළා. මෙිරටෙි කිසිදු ත්‍රිවිධ හමුදාපතිවරයෙක් මීටපෙර එවැනි ප්‍රකාශයක් කර තිබුනේ නැහැ.
    යුධ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු මැති ඇමතිවරැ යුද්ධය නිමාකිරීමට සරත් ෆොන්සේකා ලබාදුන් දායකත්වය අගය කළා.ඔහුට ප්‍රසංශා කළා.ඔහු ලෝකයේ හොඳම හමුදාපති බව කීවා.එම වකවානුවෙි පලවූ ජනමාධ්‍ය වාර්තා පරිශීලනය කිරීමෙන් මෙම තොරතුරු තහවුරැ කරගත හැකියි.
    රාජපක්ෂලාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසයි දැන් ඔහුව දොා්හියෙක් වෙලා තියෙන්නෙ.
    කුහකත්වයකින් තොරව ගෞරවය දිය යුත්තාට ගෞරවය දෙන්න පුරැදු වෙන්න.

    • Pedro says:

      BANDA MALLI NIKAN KAHINNA EPPA. OYA HISTORY EKKA DANNE NETO.

    • kamal says:

      mathale bando,

      e miniha hesirila thiyenne hasirenne gawrawa labanna ona widiyatada. kanna dunna pigane paharala ballekta oya dena daduwama balla wadagena hurathal karana ekada. suddage kaleth bando ubawage apathayo udarata hitiya nisa thamai apata kela wune

    • බන්ඩා says:

      පුද්ගලික අභිලාෂයන් මුදුන්පත් කර ගන්න තම ජයග්‍රාහි හමුදාව අපහසුතාවයට පත් කොරන්න සුදු කොඩි කතා කිව්ව හමුදාපති කල වැද්දෙක්ම බව අද බහුතර ජනතාව පිළිලන්න බව පැහැදිලිය්.

    • Nuwan says:

      The truth

    • ඥානපාල says:

      කතාවේ නොසැඟවුණ දේ බොහොමයි. කරන්නාගොඩ තම පොතේ විස්තර කරනවා. ෆොන්සේකා යුද්ධයෙන් පස්සෙ හමුදාව වැඩි කරන්න ඉල්ලුවේ මොටද? හමුදාව මගින් රටේ බලය අල්ලාගන්න වැඩ පිළිවෙලක් තිබුණා. ඒ අතරම හයිකොප් ගිණුමේ ප්‍රකාශිත නොවුණ මිලියන තුන්සිය ගාන හෙව්වේ කොහොමද? තව ගොඩක් ඇත. මේවා ඉතිහාසයට යවනවා මිස එළිකර කර කාලය ගෙවිය යුතු දේ නොවේ.මීට වඩා වටීනා දේවල් රටට ඇත. අනෙක ෆොන්සේකා පවා ඉතිහාසයට තල්ලු වී හමාරය.

  3. peedithayaP says:

    me mahajana mudalin pension gannawu, car,phone, gewal, deemana, gewal kulee, comissions, genu daruwanta idakadam, banku ginum MOMILEMA gannawuu kala kanni, balu, peretha ADAMA ugathkamak nethi henagahana desapalakayan elawa dama,
    MAHAJANA HITHAKAMEE, GASA NOKANNAWU RATATA ,DEYATA, ADARE GAURAWAYA ETHI HAMUDA PALAKAYEK IDIRIYATA EWITH RATA BERAGENA
    DIYUNU KARANAWA NAM ITHAMATHMA HONDAI. KALEENA AWASHYATHAWAYAKI

  4. parakum says:

    If a coup happen Srilanka , SF could have made us a LAW abiding JUST society. Only I wished the coup that was suppressed during SRIMAOs time took place.

  5. lion says:

    If it had happened it would have been good for this country.

Main News