ෆෝටෝ කොපියක් රුපියල් 10-15 තෙක් ඉහලට…

August 11, 2022 at 12:00 pm | lanka C news
ෆෝටෝ කොපියක් රුපියල් 10-15 තෙක් ඉහලට…

විශාල වශයෙන් විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ඡායා පිටපත් ගාස්තු හා මුද්‍රණ පිටපත් ගාස්තු රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කරන්නේ විදුලිය අවශ්‍ය පරිදි නොදීම නිසා මෙම කර්මාන්තයේ යෙදෙන්නන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

විදුලි කප්පාදුව සිදු කරනු ලබන්නේ ද තම රැකියාව කර ගැනීමට හැකි සුදුසුම අවස්ථාවලදී බවත් ඔහු කියා සිටියි.

ආර්ථික අර්බුදය මෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මත අනෙකුත් වියදම් ඉහළ යාමෙන් මිල සංශෝධනයට බලපෑමක් කරන බවත් හෙතෙම කියා සිටී.

මෙම මිල ඉහල දැමීමත් සමග ඡායා පිටපත් හා මුද්‍රණ පිටපත් ගාස්තුව එකක් රුපියල් 10-15 අතර මිලක් වෙයි.

9,137 views

4 Comments to “ෆෝටෝ කොපියක් රුපියල් 10-15 තෙක් ඉහලට…”

  1. CHATHURA SILVA says:

    සමස්ථ ලංකා කමියුනිකේශන් සංගමය? ඒ මොකක්ද බොලව් ඒ..

  2. පබිලිස් says:

    අපී මුත්‍රා කරන එකට සංගමයක් නෙද්ද . සමස්ත ලoකා මුත්‍රා කරන්නන්ගෙ සංගමය කියල .
    අර පෙලෙන්ටි වලට ඉන්න අසේල ය නම් හොඳ ට හම්බ කරනව එක එක ප්‍ර්‍රවුර්ති සාකච්ඡා තියල,

  3. සකු says:

    පෙරෙදත් එකෙක් බිහි උනා සමස්ත ලoකා විදුලි පාරිභෝගික යන්ගෙ සංගමය කියල පොර පිට කොටුවේ ස්ටේසන් එකේ ඉදන් කොල බෙදුව මෙන්න මූව පහුවෙනිදම ප්‍රවුර්ති වලට පෙන්නවා

  4. drt says:

    ව්‍යාපාරිකයන්ගේ වෘත්තීය සමිති සිදුකරන ජනමාධ්‍ය නාඩගම් !!!
    ප්‍රවෘත්ති සාකච්ඡා ජනතාවට පලක් නොවේ. මිල පාලනය ක්‍රියාත්මක කළ යුතුය.

Main News