05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී..

June 30, 2020 at 10:00 am | lanka C news
05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී..

තමන්ට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබාදුන්නේ තම පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවන ලද අමාත්‍යාංශයෙන් හයෙන් එකක සුළු කොටසක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එළඹෙන පස් වෙනිදා මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අගමැති ධුරය භාරගන්නා විට තම පියා විසින් එකල දරන ලද සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගෙන නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා විප්ලවයක් කරන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති ජන හමුවක් අමතමිනි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක මරික්කාර් මහතාට තම ආණ්ජඩුව යටතේ ප්‍රබල ඇමති ධූරයක් ලබාදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

360 views

71 Comments to “05 වැනිදා දිවුරුම් දීමට සජිත් ඇමති ධුර බෙදයි.. R. පේ‍්‍රමදාස දැරූ පූර්ණ ඇමති ධුරය සජිත් පවරා ගනී..”

  1. දුටුගැමුණු says:

    සජිතයාට පිස්සු හොදටම තදවෙලා ! දන් නම් බේත් දීලා හොඳ කරන්න පුළුවන් කියලා හිතන්න එපා !!!

  2. රාවණා says:

    කවුද සජිත් ට හූනියම් කෙරුවෙ ? මොලේ ෆුල් විකාර වෙලා. නිදන් හාරපු කර්ම විපාකය ද ? කවුද හිතුවෙ ප්‍රේමදාස ගේ පුතාට මෙහේම වෙයි කියලා ? අනේ ඉක්මනට කවුරු හරි ඉදිරිපත් වෙලා මෙයාට මානසික ප්‍රතිකාර ලබාදෙන්න

  3. කමල් says:

    මෙයාගෙ මොලේ අසනීපයෙන් විකාර කියවන බව හැමෝටම පැහැදිලියි . ප්‍රශ්නය තියෙන්නේ වටේට ඉන්න ගොබ්බයන් ගැන . උන්ට මේ පුද්ගලයා ගැන පෙනෙන්නේ නැද්ද ? මේ වගේ නායකයන් රටකට මොකටද ?

  4. Ga says:

    Pissu. Hodama aka…

  5. ශ්‍රී මුඛයෙන් වදාරා

  6. Ga says:

    Sihina local….
    Pissu. Hutak

Main News