05 වැනිදා සමුළුව එජාප වැඩක්..- දයාසිරි

November 2, 2019 at 5:30 pm | lanka C news
05 වැනිදා සමුළුව එජාප වැඩක්..- දයාසිරි

නොවැම්බර් මස පස් වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවක් නොවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

සමුළුව පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ උවමනාව අනුව එජාපය සංවිධානත්වයෙන් බවද ඔහු කියා සිටියේය.

කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ඒ සඳහා කැඳවා නැති බවත් ඊට සහභාගී වන අය සඳහා විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

26,756 Viewers

5 Comments to “05 වැනිදා සමුළුව එජාප වැඩක්..- දයාසිරි”

  1. Criminal says:

    බය වෙලා 😂😂

    • ඩපයා says:

      මොනාටද? බොලයී මීහරකා ජනාධිපති වෙයී කියලද? ඕකට චන්දෙ දෙන්නේ ඕකා වගේම මීහරක් විතරයී.

  2. AJITH says:

    මේ දිනවල R. ප්‍රේමදාස චරිතය ගැන පක්ෂ විපක්ෂ සැවොම කතාකලත් ඔහු ගැන මධ්‍යස්තව විචාරයක් සිදුනොවේ. එක අතකින් ලංකා ඉතිහාසයේ වැඩිම විවේචනයට ලක්වුයේ ඔහුයි. දෝෂාබියෝගයට ලක්වු එකම ජනාධිපතිත් ඔහුයි. එයට හේතුව ඔහුගේ පාලනය සම්ප්‍රදායික පාක්ෂිකයන්ගෙන් ඇත්වී තමන් වට සිටි පාදඩ පරපුරක ග්‍රහණයට ලක්වීමයි. ඔහු කරන සෑම දෙයම අගය කරන ඔහුගේ දරුණු හීන මානයට පෝර දාන එම පරපුර එතුමා මුරුංග අත්තේ තැබීමට කටයුතු කළහ. එකල ජනපති ගමකට එනවිට වැසියන් තමන්ගේ මුදලින් පාරට පෙනෙන පැත්තේ අලුත් උළු සෙවිලි කිරීම, තීන්ත අලේප කිරීම සිදු කලයුතු වුයේ නාදුනන මැර තර්ජනය නිසයි. ගමන් කරන පාරට තාර දැමිය යුතු අතර බොහෝ විට පස් තලා ගල් නොමැතිව තාර දමනුයේ හෙලිකොප්ටර් නැවතුමේ සිට උත්සව භූමියට පමණි. උත්සව භුමිය අලංකාර කිරීමට කොළඹ සිට පිරිස් පැමිණේ.මේ සියලු කටයුතු වලට දුව පැන යන විශාල පරිසක් ඔහුට විය. විශේෂත්වය වන්නේ මේ සියලු නිර්මාණ ඉතා ටික දිනකින් විනාස වී යයි .අවසානයේ ජනාධිපති තම විසින්ම තමාව රවට්ටගනු ලබයි .

    • Peris -Negambo says:

      නගරාධිපතියි ඇමැතියි ගහගෙන කුණුවෙන කොළඹ වෙනස් කරමු.

  3. හිරු පායන 17දා උදේ.. says:

    පොහොට්ටුවට චන්ඳ 72 % දෙයි නම්
    ඔට්ටුයි දිනනවා සිරිලකම එහෙම නම්
    වෙට්ටු දැම්මට හංසයට ‘අත’ රවල නම්
    මට්ටුව දකී හිරු පායන 17 දා උදේ නම්

Main News