06කට කොරෝනා.. 07ක් සුව වී ගෙදර යයි.. 160ක් රෝහලේ.. 77ක් සුව වී යයි.. අද වාර්තාව මෙන්න..

April 18, 2020 at 1:20 pm | lanka C news
06කට කොරෝනා.. 07ක් සුව වී ගෙදර යයි.. 160ක් රෝහලේ.. 77ක් සුව වී යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට කොරෝනා ආසාදිතයන් 160 ක් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා යැයි සැක සහිත රෝගීන් 103 දෙනෙකු රෝහල් ගතව සිටින බවද ඔවුන් අද නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 244 දෙනෙකු හමුවී ඇති අතර එයින් 77 දෙනකු සුවපත් වී 07 දෙනකු මරණයට පත්වී ඇත.

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ රෝගීන් 06 කොරෝනා යැයි ද තහවුරු කර ඇති අතර තවත් 07 දෙනෙකු පූර්ණ සුවවී රෝහලින් පිටත්ව ගොස් තිබේ.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

173 views