07 වන ජනාධිපතිවරණයට පහසු වෙන්න සියළු පාසැල් හෙට වසා දමයි..

November 14, 2019 at 8:02 am | lanka C news
07 වන ජනාධිපතිවරණයට පහසු වෙන්න සියළු පාසැල් හෙට වසා දමයි..

රට පුරා ඇති සියලු පාසල් හෙට දිනයේ වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෙනසුරාදා දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පහසුවක් වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් ලෙස සූදානම් කරන පාසැල් අද දිනයේදීද වසා දමන බව අමාත්‍යාංශය සදහන් කරයි.

17,838 Viewers
Main News