07 වසරේ පාසල් දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජන… ගණිත ගුරු අත්අඩංගුවට..

May 24, 2018 at 12:00 pm | lanka C news
07 වසරේ පාසල් දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජන… ගණිත ගුරු අත්අඩංගුවට..

යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 07 වස ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරයෙකු ඊයේ (23) තෙලිප්පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තෙලිප්පලෙයි යුනියන් මහාවිද්‍යාලයේ 07 වසර ගණිතය ඉංග්‍රීසි අංශයෙන් ඉගැන්වූ සෙල්වරත්නම් සත්‍යනාරායන් නැමැති ගුරුවරයා විසින් කාලයක සිට ද7 වසර දැරියන් 07 දෙනෙකු අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර ඒ බව තවත් අයෙකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීමටද අදාල ගුරුවරයා පියවර ගෙන ඇති අතර පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාල දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට පැමිණිළ කොට ඇත.

අනතුරුව තෙලිප්පලෙයි පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී ලංගික අපයෝජනයට ලක් වූ අනෙක් දැරියන්ද තමන්ට වූ තර්ජනයන් පිළිබඳව පොලීසියට පැවසීමෙන් පසුව අදාල ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට තේලිප්පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම අදාල දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාල ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

62 views

6 Comments to “07 වසරේ පාසල් දැරියන් 07 දෙනෙකු බරපතල ලිංගික අපයෝජන… ගණිත ගුරු අත්අඩංගුවට..”

    • leel says:

      බලාගෙන ඕකත් හමුදාවට බැරකරයි ද දන්නෙ නැහැ…..

  1. David Milli-banda says:

    This teacher was trying to replace the children and youth snuffed away by the ltte.

  2. maraya says:

    විග්නේශ්වරන් ගේ දෙමළ සංහිදියාව …කොටි සහජිවනේ .නැවතත් සයන්ඩ් කරල් ළමයිගේ බෙල්ලේ …

  3. john the baptice says:

    පිරපාකරන් මිනීමරුවා ඉන්න කාලේ තමා මෙවෙනි දේ හුගාක් උතුරේ අසන්න ලැබුනේ

    • Manoj says:

      Moooda john the baptice ,පිරපාකරන් මිනීමරුවා wunath mehema deyak karala ahu una nam kelinma daduwama MARANAYA.

Main News