08 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිට බාර දෙයි.. කබීර් හෂීම් අස්වීමේ ලිපිය නොදෙයි..

June 7, 2019 at 11:20 am | lanka C news
08 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිට බාර දෙයි.. කබීර් හෂීම් අස්වීමේ ලිපිය නොදෙයි..

පසුගිය 03 වැනිදා ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් 09 දෙනාගෙන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

ඊයේ පස්වරුවේ මෙම ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදී ඇත.

නමුත් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් භාරදී ඇත.

ඊට හේතුව බව පැවසෙන්නේ මේ දිනවල කබීර් හෂීම් මහතා විදේශ සංචාර සඳහා මේ රටින් බැහැරව ගොස් සිටීමයි.

88 views

15 Comments to “08 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිට බාර දෙයි.. කබීර් හෂීම් අස්වීමේ ලිපිය නොදෙයි..”

  1. 77 UNP says:

    කබීර් හෂීම් මහතා දේශපාලකයෙකි, මව්පිය උරුමයෙන් ධනය තිබුන මුස්ලිම් ආගමිකයෙකි. ඔහු සෙසු වහබි හොර නඩේ සමඟ එක් නොවීම මුස්ලිම් ආගමිකයන්ගේ ගරුත්වයට හේතුවකි. වහබි හොර නඩේ දේශපාලකයෝ නොවේ. ඔවුන් ලේමාපිලුන් සේ පක්ෂවල ලේ උරා බොන අතරම හැකිතාක් අයථාලෙස මුදල් හම්බ කරති. මුස්ලිම් ඇමතිවරු සියල්ලෝම වහබි හොර නඩේ හා එක්වුනානම් මුළු මුස්ලිම් අගමිකයන්ම ඒ ගොඩටම වැටෙනවා.