Exclusive : 08 පාර්ලිමේන්තුව කැදෙවුවොත් මැතිවරණය කල් දමන බව මැතිවරණ කොමිසම කියයි..

January 28, 2018 at 12:40 pm | lanka C news
Exclusive : 08 පාර්ලිමේන්තුව කැදෙවුවොත් මැතිවරණය කල් දමන බව මැතිවරණ කොමිසම කියයි..

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කලහොත් 08 වැනිදා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සදහන් කරන්නේ එම කාල සීමාවේදී පාර්ලිමේන්තුව කැදවුවහොත් පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 12 හෝ ඊට පසු දිනක පැවැත්වීමට සලකා බලමින් සිටින බවයි.

මේ මස 08 වැනිදා පාර්ලිමේන්තුව කැදවීමට තමන් කතානායකවරයාට දැන්වූ බවත්
ඊට අදාල ලිපි හෙට පටත් යොමු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවති එජාප ජන හමුවක් අමතමින් කියා සිටියේය.

ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව කැදවිමක් සිදු කලහොත් පෙබරවාරි 07 වැනිදායින් පසු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තහනම් කාල සීමාව නිසා එදින අයත් වන්නේ තහනම් කාල සීමාවටයි.

වැල්ලවායේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මේ බව පෙන්වා දුන් අතර ඔහු කියා සිටියේ පෙබරවාරි 07 වැනිදා පාර්ලිමේන්තුව කැදවා අදාල විවාද පැවැත්විය යුතු බවයි.

71 views

9 Comments to “Exclusive : 08 පාර්ලිමේන්තුව කැදෙවුවොත් මැතිවරණය කල් දමන බව මැතිවරණ කොමිසම කියයි..”

  1. indunil says:

    nokerena wedakamata konduru thel seweema……………..

    • somapala says:

      කොහොමද රනිලගෙ ටිකිරි මොලේ. 10දා සෙනසුරාදා. කල්ගියොත් ඡන්දෙ තියෙන්නෙ සතියෙ දවසක. ඡන්ද දායක මට්ටම නියතවම අඩුවෙනවා. මෙය හිතා මතාම කරන දෙයක්

      • leel says:

        මේ චන්දයෙදිත් මයිත්‍රීපාල සිරිසේන පොහොට්ටුවට ලැබෙන චන්ද අඩු කිරීම සදහා කුමන හෝ උප්පර වැට්ටියක් [මහා මැතිවරනයෙ මහින්දට අගමැති කම දෙන්නෙ නැ කියුවා සෙ…]අවසාන මොහොතෙ හො ක්‍රියාත්මක කරන බැවින්, කාගෙ හො කීසි තොරුතුරකට නොමග නොගොස් ඔබගේ වටිනා චන්දය පොහොට්ටුවට ලබාදෙන මෙන් රටේ උගත් ජනතාවට දන්වා සිටිමි….මොනම තොරතුරක් අසන්නට ලැබුනත් ඒ කිසිවකට නොරැටවීඉ ඔබේ චන්දය පෙබරවාරි 10 වන දින උදෙම පොහොට්ටුවට ලබාදෙන්න…. පොහොට්ටුවෙ සියලු පක්ස නායකයෙනි…මෙය ඉදිරි සියලු රැස්වීම් වලදි පොහොට්ටුවට ආදරය කරන ජනතාවට මතක්කරදීමට දැන් සිටම ආරම්බ කරන්න….

        • Sunil says:

          මෙහෙම චන්ද හිගාකන්න තරම් පොහොට්ටුව හොඳටම බංකොලොත් වෙලා වගේ

        • නයා.... says:

          ඉතාම වටිනා කාරනයක්.
          රටේ දේශපාලනය බුද්ධිමත්ව විමසන පුරවැසියන් මෙය වටහාගෙන තියෙනවා.
          ඒත් පොහොට්ටුවේ වේදිකාවේ ඉන්නා පිරිස මේ අවධානම කියවා ඇති බවක් තවම පෙනෙන්නේ නැහැ.

          මෙය තවත් කල් නොදා ඉතාම පුළුල් ආකාරයෙන් ජනතාව දැනුවත් කල යුතු කාරනයක්.

          දැන් චන්ද ප්‍රචාරයට වඩා මෙන්න මේ කාරනය ජනතාවගේ හිත් වලට කාවැද්දිය යුතුයි.

  2. NARAYANA says:

    This is one of member of the commssion who looks like independent, but DESAPRIYA supporting YAMAPALANA robbers

  3. Deshani says:

    මේක ශ්‍රීලංකා එකයි UNP එකයි එකතුවෙලා මිනිස්සුන්ව අන්දවන තවත් ගැටයක්. අහුවෙන්නේ නැතුව බලන් ඉන්න මොකද වෙන්නේ කියල.
    කවදාවත් බැදුම්කර වංචාවට දඩුවම් කරන්නේ නෑ.

  4. Nandasoma Suriyaarachchi says:

    කොහොමද රනිලගෙ ටිකිරි මොලේ. 10දා සෙනසුරාදා. කල්ගියොත් ඡන්දෙ තියෙන්නෙ සතියෙ දවසක. ඡන්ද දායක මට්ටම නියතවම අඩුවෙනවා. මෙය හිතා මතාම කරන දෙයක්…….

    මෙයාලගෙ අරමුණ ඡන්ද අඩු කිරීමට වඩා කොහොම හරි දවස දවස හරි ඡන්දෙ කල් දා ගන්නඑකයි…!

    පාර්ලිමේන්තුව 07 වෙනිද හෝ ඊට කලින් දවසක රැස් වෙන්න ඉඩ තියෙනවනෙ…..!!

  5. john the baptice says:

    රනිල්ගෙන් සන්තෝසමක් ලැබිලා වගේ?

Main News