08 වසර සිසුවෙක් සූර්ය විදුලියන් යන පාපැදියක් හදයි..

January 9, 2020 at 8:02 am | lanka C news
08 වසර සිසුවෙක් සූර්ය විදුලියන් යන පාපැදියක් හදයි..

කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු ඉවතලන උපකරණ දෑ යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරණ පාපැදියක් නිපදවා ඇත.

කිලිනොච්චිය මධ්‍යමමහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් පිරනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු කරයි.

තම සීයාගේද සහය ඇතිව විවිධ ස්ථානයන්වලින් ඉවතලන සන්නිවේදන උපකරන ආදිය එකතු කොට මෙම සූර්ය බලයෙන් ගමන් කිරීමට හැකි පාපැදිය සාදා ඇත.

සිය උත්සහයෙන් මෙවැනි පාපැදියක් නිපදවීමට කුඩා දරුවෙකු ගත් උත්සහය පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගෙන්ද මහතා ප්‍රසාදයක් සුන්දරලිංගම් දරුවාට හිමව තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,304 Viewers

One Comment to “08 වසර සිසුවෙක් සූර්ය විදුලියන් යන පාපැදියක් හදයි..”

  1. සුන්දරලිංගම් දරුවාට නොමසුරු සහය ලබා දිය යුතු ය. රජයේ අවධානය යොමු විය යුතු ය.

Main News