09 කල්ලියට පයින් ගහයි.. කබීර්-හලීම් නැවතත් ඇමතිකම්වල දිවුරයි..

June 19, 2019 at 11:20 am | lanka C news
09 කල්ලියට පයින් ගහයි.. කබීර්-හලීම් නැවතත් ඇමතිකම්වල දිවුරයි..

මෑතකදී ඇමති ධුරයන් ගෙන් ඉල්ලා අස් වූ කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් නැවත් සිය ඇමති ධුර වල දිවුරුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දෙදෙනා දිවුරුම්දී ඇත්තේ කලින් සිටි ඇමතිධූර වල ම ය.

ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන තෙක් මුස්ලිම් ජාතික ඇමතිවරුන් 09 දෙනකු ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්විය.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමැතිවරු පිරිස අතර දැඩි මතභේද පැවති අතර ඊයේ දිනයේ දී පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් විය.

93 views
Main News