09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම.. ඒ ජනාධිපති මහින්ද යාපාට පසුවයි..

July 10, 2022 at 10:22 pm | lanka C news
09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම.. ඒ ජනාධිපති මහින්ද යාපාට පසුවයි..

රට අරාජික තත්ත්වයෙන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් එහිදී පළමුව නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතු බවත් ඊට ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“මේ තිබෙන වාතාවරණය යටතේ රට නැවත පාලිත තත්ත්වයකට ගන්න, අරාජික තත්වයෙන් නිදහස් කරගන්න කඩිනම් පියවර ගත යුතුයි, කියලයි අපි ස්වාධීන පක්ෂ එකමුතුව ලෙස තීරණය කළේ. ඒ සඳහා වහාම ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුව තිබෙනවා. එම කටයුත්ත සඳහා ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.

තාවකාලික වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා කටයුතු කරන අතරතුර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකතු වෙලා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුයි, යන කඩිනම් පියවර ගත යුතුයි කියන එකයි අපේ මතය. ඉදිරියේදී අපි මේ පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී තිබෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික එකඟතා පාලනය පිහිටුවීමට හැකියාව ඇත්තේ කාටද, ඒ කෙනාට අවශ්‍ය දායකත්වය ලබාදීමට අප සූදානම්”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

355,401 views

62 Comments to “09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම.. ඒ ජනාධිපති මහින්ද යාපාට පසුවයි..”

  1. පෙරෙට්ටා says:

    පතවල

    • PEOPLE OF COUNTRY says:

      මහජන මුදලින් ලබාගත් පොදු දුම්ර්රිය තියෙන්නේ රස්තියාදුකාර ත්රස්ත වාදීන්ට බීල බෙර ගහන්ඩ නෙමේ කියන එක නොදන්නා කාලකන්නි, නොදකින් පොදු දේපල විනාස කරනේ කව්ද කියන එක ලෝකෙම දන්නවා

  2. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන සුලු පිරිස විතරමයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  3. Kithsiri says:

    Dallas is a good person but he is not the right person at this crucial moment.He will not be able to tackle the situation faced by the people.
    Whoever takes the government,should keep the Aragalaya supporters away from the administration to ascertain that the country will not be another Afghanistan.

  4. රොනි says:

    Raj

    රජ්‍ය නිලධාරින් ගෙ වන්චා නතර කරන්න දරදන්ඩු නිති පැනවිය යුතුයි එසෙනොමැතිව මේ රට කිසිසෙත්ම ඉදිරියට යානොහැයි.

  5. විද්‍යාත්මකවremu says:

    රට කුමක් දැයි හඳුනාගත් පක්ෂයක් නැත. ඒ නිසා සෑබෑ නිදහස තව ‌බොහෝ ඈත ය.